ජපානයට පැමිණි මඩ සුනාමිය

(හේමන්ත තුසිත කුමාර) ටෝකියෝවට කිලෝමීටර් 90 ක් (සැතපුම් 56 ක්) නිරිත දෙසින් පිහිටි ෂිෂුඕකා ප්‍රාන්තයේ අටමි ප්‍රදේශයේ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රබල මඩ නායයාමක් සිදුවිය. සමාජ මාධ්‍යවල පළ කරන ලද…
(හේමන්ත තුසිත කුමාර)
ටෝකියෝවට කිලෝමීටර් 90 ක් (සැතපුම් 56 ක්) නිරිත දෙසින් පිහිටි ෂිෂුඕකා ප්‍රාන්තයේ අටමි ප්‍රදේශයේ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රබල මඩ නායයාමක් සිදුවිය. සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ පටවලින් දැක්වෙන්නේ අසල්වැසියන් භීතියෙන් බලා සිටියදී කළු පැහැයෙන් යුත් ඇති විශාල මඩ සුනාමියක් නගරයක් තුළට කඩා වැටෙන අතර එහි මාවතේ නිවාස විනාශ වන ආකාරයයි.
පොලිසිය, ගිනි නිවන භටයින් සහ ජපාන ස්වයං ආරක්ෂක හමුදාවේ සාමාජිකයන් මුදා ගැනීමේ මෙහෙයුම් වලට සම්බන්ධ වීමත් සමඟ සති අන්තය පුරාම බේරා ගැනීමේ කටයුතු වේගවත් විය. තවත් පුද්ගලයින් 13 දෙනෙකු ඉරිදා(04) බේරා ගත් බව අටමි නගරයේ නිලධාරියෙක් පැවසීය. ඉන් එක් අයෙකු බරපතල තුවාල ලබා පසුව මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබේ. අතුරුදන් වූවායැයි පැවසූ 25 දෙනෙකු බේරාගෙන ඇති අතර 80 දෙනෙකු ආගිය අතක් නොමැත. 113 දෙනෙකු අතුරුදහන් වී ඇති බව නිලධාරීන් විසින් මීට පෙර පවසා තිබුණි.
දැනට ගණන් බලා නොමැති පුද්ගලයින්ගෙන් සමහරෙකු මඩ නායයාම සිදුවන අවස්ථාවේ නගරයේ නොසිටින්නට ඇති බව නගර නිලධාරියා පැවසීය. ඔවුන් සිටින ස්ථානය තහවුරු කිරීමට මේ වන විටත් බලධාරීන් කටයුතු කරමින් සිටින බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අටමිහි ඉසුසාන් දිස්ත්‍රික්කයේ මඩ නායයෑමෙන් පීඩාවට පත් ප්‍රදේශවල පදිංචිකරුවන් 215 දෙනාගෙන් 135 දෙනෙකුගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව එම නිලධාරියා පැවසීය.
දැන්වීම
මෙම නායයෑමෙන් නිවාස 130 කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බව අටමි නගරයේ ගිනි ආපදා හා කළමනාකරණ ඒජන්සිය පවසයි. නිලධාරීන් සෙනසුරාදා දිනයේදී(03) ජනතාව ඉවත් කිරීමට පටන් ගත්හ. අටමි නගරයේ ආපදාවට පත් ජනයාගේ නවාතැන් මධ්‍යස්ථාන තුනක් ඇත. අටමි නගරයෙහි පෞද්ගලික හෝටල් දෙකක් ද පුද්ගලයින් 562 කට රැකවරණය සපයන බව නගර නිලධාරියා පැවසීය.
ඉරිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ෂිෂූකා ආණ්ඩුකාර හීටා කවාකට්සු කියා සිටියේ මෙම ප්‍රදේශය වනාන්තර විනාශ කිරීම හේතුවෙන් මඩ නායයාමක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත්, එමඟින් කඳුකර ප්‍රදේශයේ පසෙහි ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩු විය හැකි බවත්ය.
ජපාන අගමැති යොෂිහයිඩ් සුගා සෙනසුරාදා නායයෑමෙන් විපතට පත්වූවන්ට සිය ශෝකය ප්‍රකාශ කළේය. එමෙන්ම අධික වර්ෂාව රටේ විවිධ ප්‍රදේශවලට අඛණ්ඩව බලපානු ඇති බව පවසන සුගා, තම තමන්ගේ ප්‍රදේශවල සිදුවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව කරන දැනුවත් කිරීම් පිළිබඳව ඉතා අවදානයෙන් සිටින මෙන් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.2020 ජපාන රජයේ වාර්තාවකට අනුව ජපානය නායයෑම් වලට බොහෝ සෙයින් ගොදුරු වන අතර පසුගිය දශකය තුළ වාර්ෂිකව නායයෑම් 1,500 ක් පමණ සිදුව ඇත. එය ඊට පෙර දශකයට සාපේක්ෂව 50% ක වැඩි වීමකි.

