ජන සභාවත් එක්ක කරු කරළියට

පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාත් සක්‍රීය වේ අනාගත පරපුර වෙනුවෙන් තිරය පිටුපස සිටිමින් කර කරන මෙහෙවර මෙන්න..! දේශබන්දු කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය…
පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාත් සක්‍රීය වේ
අනාගත පරපුර වෙනුවෙන් තිරය පිටුපස සිටිමින් කර කරන මෙහෙවර මෙන්න..!
දේශබන්දු කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් දියුණු දේශපාලන සංස්කෘතියක් සහ යහ පාලනයක් වෙනුවෙන් සම්පාදනය කෙරුණු "ජන සභා" යෝජනාවලියට මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
එම ජන සභා වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මහා ලේකම් කාර්යාලයක් පිහිටුවීම සහ ඊට සාමාජික සාමාජිකාවන් පත් කරන අතර ඊට පසුව එම වැඩ පිළිවෙළ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා පනතක් ලෙස ඉදිරි පත් කරන බව දේශබන්දු කරු ජයසූරිය මහතා "lankanewsweek" සමග පැවැසීය.
"ජන සභා" යනු ග්‍රාමීය මට්ටමේ මහ ජන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සේම ජන ජීවිතයේ සංවර්ධනය සඳහා ගම් මට්ටමින් ගොඩනැඟෙන කමිටුවලින් සමන්විත වැඩ සටහනක් වන අතර ග්‍රාමීය මානව සහ භෞතික අවශ්‍යතා උපරිම මට්ටමෙන් සපුරාලන නවීනතම සංකල්පයක් වේ.
දැන්වීම
මේ අතර යහ පාලන සමයේ බලාත්මක කර තිබී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අකර්මණ්‍ය කළ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා 19 යළි බලාත්මක කිරීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය ඉක්මනින් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන අතර එම කාරක සභා සඳහා මන්ත්‍රීවරුන්ට අතිරේකව විවිධ විෂයන් පිළිබඳ විශේෂඥයින් සහ උපදේශකයන් ද පත් කෙරෙනු ඇතැයි ද කරු ජයසූරුය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.