ජන මතයට මුහුණ දෙන්න ජනපති සූදානම් විය යුතුයි

මාළිගා කුමන්ත්‍රණ පරාදයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආචාරය..! ජනාධිපතිවරණය කල් දැමීම සදහා සිදු කළ සියලු මාළිගා කුමන්ත්‍රණ පරාජය කළේ යැයි ද, ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රධාන රජය ජනතා මතයට මුහුණ දීමට සූදානම්…
මාළිගා කුමන්ත්‍රණ පරාදයි
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආචාරය..!
ජනාධිපතිවරණය කල් දැමීම සදහා සිදු කළ සියලු මාළිගා කුමන්ත්‍රණ පරාජය කළේ යැයි ද, ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රධාන රජය ජනතා මතයට මුහුණ දීමට සූදානම් විය යුතු යැයි ද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණය කර සිටියේ, ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවෙන් අනතරුව මන්නාරමේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ජන මතයට බියේ පළාත් පාලන මැතිවරණය කල් තැබූ ජනාධිපතිවරයා ප්‍රධාන රජය ඒ අයුරින්ම ජනාධිපතිවරණයද කල් දැමීමට මාළිගා කුමන්ත්‍රණ සිදු කරමින් උත්සාහ කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එම උත්සාහය පරාජයට පත් කළේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.