ජන පීඩක ආණ්ඩුවේ රාජ්‍ය මර්දනයට ඡන්දයෙන් පිළිතුරු දෙනවා

"ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ආරම්භකරුවන් අපියි" රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් ළඟදීම පන්නනවා 2022 රට විනාශ කළ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ මහා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ආරම්භකරුවන්…
"ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ආරම්භකරුවන් අපියි"
රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් ළඟදීම පන්නනවා

2022 රට විනාශ කළ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ මහා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ආරම්භකරුවන් ලෙස සමගි ජන බලවේගය, රනිල් රාජපක්ෂ හවුල පළවා හැරීමට ද නැගී සිටි බවත් මේ රට පාලනය කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වැඩි ආයුෂ නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
මේ රටේ ජනතාව නොමරා මරා මේ රටේ ජනතාවට එල්ල කළ හැකි අමානුෂීයම පීඩනය එල්ල කර මෙරට ලක්ෂ 220ක ජනතාව කුස ගින්නේ තබමින් දුප්පත්කමට ඇද දැමූ නීච නින්දිත ආණ්ඩුවට සමගි ජන බලවේගය බිය නැතැයි ද පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා මේ විරෝධතා ව්‍යාපාරය ආරම්භයක් පමණක් වන අතර ඒකාධිපති රාජපක්ෂ පවුලේ රූකඩ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කියන්න ඇත්තේ මේ අවස්ථාවේ මැතිවරණයක් අවශ්‍ය වන බව යැයි ද සඳහන් කළේය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මගින් "වෙනසක් හදන වසරක් 2024" යන තේමාව යටතේ කොළඹ දී සංවිධානය කෙරුණු දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර ජනතාව අමතමිනි.
සමගි ජන බලවේගය ඔළු ගෙඩි සෙල්ලමෙන් නොව ජනතා ආශිර්වාදයෙන් බලයට එන බවත් රට විනාශ කළ රාජපක්ෂවරු සමඟ කිසිදා දේශපාලන "Deal" බවත් ජනතා පැතුමෙන් සහ කැමැත්තෙන් පමණක් බලයට එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය රටේ නීතිය කඩ නොකළත් වත්මන් රජය ජනතා නැගි සිටීමට බිය වී අධිකරණයට ගොස් තහනම් නියෝග ගෙන ජනතාවගේ මූලික සහ මානව අයිතිය අමු අමුවේ උල්ලංඝනය කළේ ඔවුන්ට ජනතාව අතරට ඒමට කොන්දක් නොමැති නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
එසේම ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළත් මේ දුර්දාන්ත ආණ්ඩුවට සමගි ජන බලවේගය පහර දෙන්නේ කඩුවෙන් බෝම්බයෙන් මුනිස්සමෙන් කදුලු ගෑස්වලින් නොව ඡන්ද ප්‍රතිඵලවලින් බවත් පැවසූ පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජය රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය භීෂණය සහ මර්දනය යොදවා ජනතාව තලා පෙලා වළ පල්ලට ගෙන යන බැවින් මේ ආණ්ඩුව ජන බලයෙන්, ජන සවියෙන් සහ ජන ශක්තියෙන් මැතිවරණයකදී ගෙදර යැවීමට කටයුතු කරන බව ද අවධාරණය කළේය.
තවද රාජපක්ෂවරුන් සමග ගනුදෙනු කරන දෙබිඩි පිළිවෙත් සමගි ජන බලවේගයේ නොමැති බවත් දවල් මිගෙල් රෑ ඩැනියෙල් චරිත රග නොපාන බවත් සමගි ජන බලවේග රජයක් යටතේ රට බංකොලොත් කළ කණ්ඩායම් රටේ නීතිය හමුවට ගෙනවිත් රටේ අධිකරණ පද්ධතිය ඔස්සේ මේ රටේ ලක්ෂ 220ට යුතුකම් ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.