අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයට හේමසිරි ප්‍රනාන්දු..!

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයට හේමසිරි ප්‍රනාන්දු..!

ජනාධිපති කාර්ය මණ්ඩලයේ නව ප්‍රධානී ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ ඇති අතර ඔහු අද (03) සිය පත් වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් සුභ මොහොතින් ලබා ගත්තේය.…

ජනාධිපති කාර්ය මණ්ඩලයේ නව ප්‍රධානී ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ ඇති අතර ඔහු  අද (03) සිය පත් වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් සුභ මොහොතින් ලබා ගත්තේය.

පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන හේමසිරි ප්‍රනාන්දු මහතා හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මතිනයගේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇති අතර පසු කාලීනව  තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ. මීට අමතරව ඒ මහතා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සභාපතිවරයා වශයෙන් ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ.

 ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයට හේමසිරි ප්‍රනාන්දු..! | Lanka Newsweek