ජනාධිපති අවලංගු කාසියක් වෙලා ඉවරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

අගමැතිගේ ජයග්‍රහණය ජනාධිපතිගේ-ඒකාබද්ධයේ දේශපාලන පරාජයක්..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාව ඔහු ජයග්‍රහණය කිරීම ජනාධිපති…
අගමැතිගේ ජයග්‍රහණය ජනාධිපතිගේ-ඒකාබද්ධයේ දේශපාලන පරාජයක්..!
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාව ඔහු ජයග්‍රහණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂය ලැබූ බරපතල දේශපාලන පරාජයක් යැයි පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.
විශ්වාස භංග යෝජනාවේ සබැ දේශපාලන අවශ්‍යතා පිළිබඳව විග්රහ කරමින් “lankanewsweek” සමග අදහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා මෙසේ ද කීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාව ඔහු ජයග්‍රහණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂය ලැබූ බරපතල දේශපාලන පරාජයක් බව එම ක්‍රියාවලියට අදාළ දේශපාලනය පිළිබඳව ගැඹුරින් විග්රහ කරන විට පෙනී යනවා.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් නමුත් ඒ දැනුම් දීම අනුව ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් වුණේ නැහැ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා ධූරයෙන් පහ කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති නිසා,සිය අරමුණ ව්‍යවස්ථානුකුලව ඉටු කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සතු එකම විකල්පය වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කෙසේ හෝ එම විශ්වාස භංගයෙන් ඔහු පරාජයට පත් කිරීමයි.
මේ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ගෝලබාලයින් සමග සාකච්ඡා කළ අතර ඒ අය මේ කාරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණියා.
ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මේ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඒ අනුව වන අතර, අගමැතිවරයා ඒ විශ්වාස භංග යෝජනාව ජය ගැනීම ජනාධිපතිවරයාත්,ඒකාබද්ධ විපක්ෂයත් ලැබූ බරපතළ දේශපාලන පරාජයක් බව අප තරයේ කියා සිටින්නේ මේ නිසයි.ඇත්ත වශයෙන්ම මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් අවලංගු කාසියක් බවට පත්ව තිබෙන බව පැහැදිළිව කිව යුතුයි.
මේ විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කරමින් ලැබූ ජයග්‍රහණය ආණ්ඩුවට දේශපාලනික වශයෙන් සාධනීය තත්ත්වයක් වන අතර මේ දේශපාලන පණිවිඩය නිවැරදිව තේරුම් ගෙන ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.
එනම් මේ මොහොතේ මුලින්ම කළ යුත්තේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ආණ්ඩුවේ සිටින සියලුම කැබිනට්,රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් එම ධූරවලින් පහ කිරීමයි.අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් නොමැති මේ කණ්ඩායම සමග ආණ්ඩුවට,අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට ඉදිරි ගමනක් ඇත්තේ නැහැ.
ඊට පසුව 2015 ජනවාරි 8 වැනිදා ජනතාව දුන් ජන වරමට ගරු කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර හොරුන්ට සහ මැරයන්ට එරහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඒ අය අත්ඩංගුවට ගත යුතයි.
එසේ ක්‍රියා කළොත් පමණක් මේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඇතුළු කණ්ඩායමට 2020 දී ජනතාව ඉදිරියට යළි යා හැකි වනු ඇති අතර එසේ නොවුණොත් තත්ත්වය වඩාත් භයානක වීමට ඉඩ තිබෙන බව ද කිව යුතුයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2