අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනාධිපතිවරණයේ දී මහනුවර වැඩි ඡන්ද ලක්ෂයකින් දිනවනවා

ජනාධිපතිවරණයේ දී මහනුවර වැඩි ඡන්ද ලක්ෂයකින් දිනවනවා

සජිත් ප්‍රේමදාසගේ විජයග්‍රහණ ස්ථිරයි රට හොල්ලන්න පුළුවන් කාන්තාවන්ටයි සජිත් ප්‍රේමදාස කියන්නේ දුප්පතුන් වෙනුවෙන් කතා කළ නායකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කය විපක්ෂ නායක සජිත්…

සජිත් ප්‍රේමදාසගේ විජයග්‍රහණ ස්ථිරයි 

රට හොල්ලන්න පුළුවන් කාන්තාවන්ටයි 

සජිත් ප්‍රේමදාස කියන්නේ දුප්පතුන් වෙනුවෙන් කතා කළ නායකයෙක් 

ජනාධිපතිවරණයේ දී මහනුවර වැඩි ඡන්ද ලක්ෂයකින් දිනවනවා

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වැඩි ඡන්ද ලක්ෂයකින් දිනවලා දෙන්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ අති විශාල කාන්තාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් මහනුවර දී පැවැති සමගි වනිතා සමුළුව අමතමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

දැන්වීම

මම මහනුවර දිස්ත්‍රික්කයෙන් අවුරුදු තිස් පහක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ඡන්ද අටක් කරලා තියෙනවා.ඒ හැම ඡන්දයක්ම ජයග්‍රහණය කළා. එක පක්ෂයකින් ඡන්දය ඉල්ලුවත් දිනුවට පස්සේ අපි සියලු දෙනාගේ මන්ත්‍රීවරුයි. ඕනෑම කෙනෙක්ට මගේ ළඟට ඇවිල්ල වැඩක් කර ගන්න අවස්ථාව ලැබුණා. අද මේ ස්ථානයට විශාල ජනකායක් ඇවිත් ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙරෙහි තියෙන විශ්වාසය නිසයි.

ඔබතුමාගේ පියාගේ ආභාෂය තුළින් ඔබතුමා සමාජයේ අමතක වෙලා ඉන්න පිරිස්, නැති බැරි අය, වෙනුවෙන් රැකවරණය ලබා දෙන බව මේ ජනතාව හොදාකාරවම දන්නවා. අද අපේ රටත් බංකොලොත්. ජනතාවත් බංකොලොත් වෙලා. වත්මන් ආණ්ඩුවට අපි රට භාර දෙන කොට ඇමරිකානු ඩොලර් මිලියන 7800 සමගයි දුන්නේ. වසර දෙකක් යන කොට ඩොලර් මිලියන විස්සට මහා භාණ්ඩාගාරය බැස්සුවා.

අද කුටුම්භය විනාශ වෙලා. නායකතුමනි අපිට විශාල වගකීමක් තියෙනවා අපේ රජයක් බලයට පත් වූ විගස අපේ මූලික වගකීම තමයි පවුල ශක්තිමත් කිරීම. පවුලේ ආර්ථික බලය වැඩි කරන්න ඕනේ. වත්මන් රජය රට බංකොලොත් කරලා සල්ලි නැති වුණාම අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු ගහනවා. සාමාන්‍ය ජනතාව තලා පෙලා වැඩ කරනවා ඇරෙන්න ආණ්ඩුවට වෙන මාර්ගයක් නෑ. අපේ රජයක් යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩවලින් බදු ගහන එක නවත්තලා වෙනත් ක්‍රමවලින් බදු ආදායම ලබා ගන්න අපි කටයුතු කරනවා.

එදා 1505දි පෘතුගීසීන් ආවා. 1815 බ්‍රිතාන්‍ය පාලකයින් ආවා. අවුරුදු 300ක් උඩරට රාජධානිය ආරක්ෂා කෙරුවා. වසර තුන්සීයක් තිස්සේ 120 වතාවක් උඩරට ආක්‍රමණය කරන්න හැදුවා. නමුත් බැරි වුණා. උඩරට යටත් කර ගන්න බැරි වුණේ ස්වාමි පක්ෂය සීරුවෙන් සිටපු නිසයි. පැය විසි හතරම යුද සීරුවෙන් හිටියේ. එහෙම අවස්ථාවක තම පවුල බලා ගත්තේ උඩරට කාන්තාව. මේ පළාත්වල ඉන්නේ විරෝධාර ජනතාවක්. මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයකදී අපේ දිස්ත්‍රික්කය අපි ඡන්ද ලක්ෂයකින් ඔබතුමා වෙනුවෙන් ජයග්‍රහණය කරවලා දෙනවා.

1940 ගණන්වල මේ පළාතේ හිටියා සිල්වා කියලා මන්ත්‍රීවරයෙක්. අපි ජෝර්ජ් කියලයි කිව්වේ. වසර 30ක් ඔහු මහනුවර ආසනය නියෝජනය කෙරුවා. එතුමාගේ භාර්යාව ඇග්නස් සිල්වා කියන නීතිඥවරිය. එතුමිය තමයි ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා ඡන්ද බලය ලබාදිය යුතුයි කියලා විශාල හඬක් නැගුවේ. එංගලන්තයට ගිහිල්ලා බ්‍රිතාන්‍ය පාලකයන් පවා හමු වුණා.1931 ඩොනමොට් ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙද්දී අපේ රටේ කාන්තාවන්ට ඡන්ද බලයත් හිමි වුණා.

මෙවැනි කාන්තා සමුළු රට පුරා පවත්වන්න. මොකද අද රට හොල්ලන්න පුළුවන් කාන්තාවන්ට. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. ඔබතුමා දුර පෙනෙන නායකයෙක්. අපේ රජයක් යටතේ ඔබ සියලු දෙනා බලා ගන්නවා කියන පණිවිඩය ලබා දෙනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් හැමදාමත් කතා කළ නායකයෙක්.

සමගි වනතා සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමා,තිස්ස අත්තනායක මැතිතුමා,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ජනාධිපතිවරණයේ දී මහනුවර වැඩි ඡන්ද ලක්ෂයකින් දිනවනවා
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනාධිපතිවරණයේ දී මහනුවර වැඩි ඡන්ද ලක්ෂයකින් දිනවනවා | Lanka Newsweek