ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු බදාදා(13) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිඳු අපේක්ෂකයෙකු පිළිබඳ ප්‍රවර්ධන කටයුතු කිරිම බදාදා(13) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව තහනම් බව මැතිවරණ කොමිසම සදහන් කරයි. ජනාධිපතිවරණයේ ප්‍රචාරක…
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිඳු අපේක්ෂකයෙකු පිළිබඳ ප්‍රවර්ධන කටයුතු කිරිම බදාදා(13) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව තහනම් බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ද අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන්ද ඉල්ලීමක් කරයි.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සෘජු හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.
එහෙත් අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන බවට ලිඛිත සාක්ෂි ලැබුණහොත් ඊට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම කොමිසම පවසා සිටියේය.