ජනාධිපතිගේ නොහැකියාව ඔහුම පිළිගෙන ඉවරයි..!

(උපුල් බණ්ඩාර) රටේ ආර්ථික කළමනාකරණය සිය අතට ගන්නා බවට ඇතුළු මේ දිනවල කරන ප්‍රකාශ මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නොහැකියාව තමා විසින්ම රට ජනතාව හමුවේ ඔප්පු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ…
(උපුල් බණ්ඩාර)
රටේ ආර්ථික කළමනාකරණය සිය අතට ගන්නා බවට ඇතුළු මේ දිනවල කරන ප්‍රකාශ මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නොහැකියාව තමා විසින්ම රට ජනතාව හමුවේ ඔප්පු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අවුරුදු තුනක් මුළුල්ලේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට අය-වැය යෝජනාවලි ජනාධිපතිවරයාගේ අනු දැනුමෙන් සහ අවසරයෙන් තොරව දැයි ප්‍රශ්න කළ ප්‍රසන්න රණතුංග මහතා ඒ සෑම අය වැය යෝජනාවලියක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නොවේ යැයි ද ප්‍රශ්න කළේය.
එක්සත් ජාතික පක්ෂය අවුරුදු තුනක් මුළුල්ලේ රටේ ආර්ථිකය විනාශ කරනවා ජනාධිපතිවරයා නොදැන සිටියා නම් හෝ ඒ බව දැන ගෙන මේ දක්වාම නිහඬව සිටියා නම් එමගින් පැහැදිලි වන්නේ ඔහුට මේ රට පාලනය කිරීමට නොහැකි බව යැයි පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා මේ සියලු තත්ත්වයන්ට ජනාධිපතිවරයා වග කිව යුතු යැයි ද අවධාරණය කළේය.