අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනාධිපතිගේ ධූර කාලය වසර 5 යි..!

රටේ හෙට දවස වෙනුවෙන් සියලු දෙනා එකට එක්විය යුතුයි

(සුජිත් මංගල ද සිල්වා) 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය වසර පහකට සීමා වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. සිය ධූර කාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල…

(සුජිත් මංගල ද සිල්වා)

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය වසර පහකට සීමා වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සිය ධූර කාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරුපණයක්  ඉල්ලා සිටී අතර අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දු කර ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහකට සීමා වන බවය.

දැන්වීම

මේ පිළබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරුපණය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඊයේ (14) නිල වශයෙන් යොමු කිරීමට ශේෂ්ඨාධිකරණය මගින්  පියවර ගෙන තිබිණ.

මේ කාරණය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන්  යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඊවා වනිසුන්දර,බුවනෙක අලුවිහාරේ,සිසිර ද ආබෘ සහ ක් චිත්‍රසිරි යන විනිසුරුවරුන් ඇතුළත් වූහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනාධිපතිගේ ධූර කාලය වසර 5 යි..! | Lanka Newsweek