අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජනාධිපතිගේ ජයග්‍රහණය තහවුරු කිරීමට නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ ඇමති මනුෂ සමග එක් වෙති

ජනාධිපතිගේ ජයග්‍රහණය තහවුරු කිරීමට නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ ඇමති මනුෂ සමග එක් වෙති

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග එක් වූහ. සමගි ජන බලවේගය,…

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග එක් වූහ.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක්   මෙලෙස මනුෂ නානායක්කාර මහතා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වූ අතර හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු සහ අපේක්ෂකයෝ ඒ අතර සිටියහ.

නුවරඑළිය වෙනත් පක්ෂ හමුවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ කල්‍යාණි සතරසිංහ මහත්මියගේ නිවසේදී පැවැත්විණි.

දැන්වීම

මෙහිදී  වෙනත් පක්ෂවල සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂය සමඟ එළඹෙන ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදීමට එකඟත්වය පළ කළේය.

මෙහිදී මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පක්ෂ සාමාජිකයින් ඇමතු අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් එම සාමාජිකයින් දැනුවත් කලේය.

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලය වේගය අතර පැවැත් වීමට නියමිත දේශපාලන සංවාදය පිළිබඳවද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා විසින් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න