අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනාධිපතිගේ උගුලට හිටපු ජනාධිපතිත් පටලැවිලා..!

ජනතාව සිතිය යුත්තේ ඊළඟ කප්පිත්තා ගැන නොව රට ගැනය..!

ජනාධිපතිගේ දේශපාලන මුළුමනින්ම අවසන් විය හැකියි..! හිටපු ජනපතිට-ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට විශාල හානියක්..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා විසින්ම තමා සඳහා අටවා ගත් බිහිසුණු…

ජනාධිපතිගේ දේශපාලන මුළුමනින්ම අවසන් විය හැකියි..!

හිටපු ජනපතිට-ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට විශාල හානියක්..!

ජනාධිපතිගේ උගුලට හිටපු ජනාධිපතිත් පටලැවිලා..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා විසින්ම තමා සඳහා අටවා ගත් බිහිසුණු උගුලකට අසුවී තිබෙනවා පමණක් නොව, ඔහු එම උගුලට  හිටපු ජනාධිපතිවරයාද පටලවා ගෙන ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අවධාරණය කර සිටියි.

මේ  උගුලෙන් ජනාධිපතිවරයා දේශපාලන අර්ථයෙන් මුළුමනින් විනාශවීමට ඉඩ තිබෙන අතර හිටපු ජනාධිපතිවරයාටද බරපතළ තුවාල ඇතිවිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස ව්‍යවස්ථා විරෝධීව මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් පසුව පාර්ලිමේන්තුව ද  විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට දේශීය වශයෙන් සේම ජාත්‍යන්තර වශයෙන්ද එල්ල වී තිබෙන විරෝධය සැලකිල්ලට ගත් විට එම ක්‍රියාදාමය  ජයග‍්‍රාහී අවසානයක් කරා ගෙන යෑමට පුළුවන් වනු ඇතැයි සිතිය නොහැකි වන අතර එම ක්‍රියාදාමයෙන් ලබන පරාජය වැඩියෙන්ම විනාශකාරී ලෙස බලපානු ඇත්තේ ජනාධිපතිවරයා කෙරෙහිය බව ද ඔහු සඳහන් කරයි.

මේ ක්‍රියාදාමය හේතුවෙන් සමහරවිට ජනාධිපතිවරයාගේ දේශපාලන පැවැත්ම මුළුමනින් අවසන් කිරීමට පවා හේතුවිය හැකි යැයි ද වික්ටර් අයිවන් මහතා අනතුරු අඟවයි.

මේ ක්‍රියාවලියේ පරාජය  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහිද හානිදායක ලෙස බලපානු නොවැළැක්විය හැකි වනු අතර එම තත්ත්වය  ඔහුට තිබෙන පිළිගැනීට සේම ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට තිබෙන පිළිගැනීමද බලවත් ලෙස හීන කිරීමට හේතු වනු ඇතැයි ද වික්ටර් අයිවන් මහතාගේ ස්ථාවරය වී තිබේ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට තාවකාලික වීරත්වයක් හිමි කර ගැනීමට හැකි වනු ඇතත්, ඔහු ලබන ජයග‍්‍රහණය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විස්තීර්ණ අර්බුදයට පිළියමක් නොවනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විසින් සිය පරණ වෛරක්කාරයා ලෙස සැලකිය හැකි හිටපු ජනාධිපතිවරයාට දෙන ලද අගනා තෑග්ග භාර ගන්නට පෙර එහි ඇති ව්‍යවස්ථා විරෝධී ස්වභාවය සහ ඒ මගින් ඇති කළ හැකි ප‍්‍රතිවිපාක හිටපු ජනාධිපතිවරයා විසින් හොඳින් සලකා බලා තිබෙන බවක් නොපෙනෙන බව ද ඔහුගේ විග්‍රහයවේ.

හිටපු ජනාධිපතිවරයාද මීට පෙර වර්තමාන ජනාධිපතිවරයාට තෑග්ගක් ලෙස දුන්  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව වර්තමාන ජනාධිපතිවරයාගේ යහපතට හේතු නොවූවා සේම  වර්තමාන ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාට දී තිබෙන නව අගමැති  තෑග්ග වඩා භයානක තෑග්ගක් ලෙස සැලකිය හැකි යැයි ද වික්ටර් අයිවන් මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි

ජනාධිපතිගේ උගුලට හිටපු ජනාධිපතිත් පටලැවිලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනාධිපතිගේ උගුලට හිටපු ජනාධිපතිත් පටලැවිලා..! | Lanka Newsweek