ජනමාධ්‍ය නිදහසෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ

ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ඇතැම් අයිතිවාසිකම්වලට සමහර අවස්ථාවන්හිදී සීමාවන් තිබිය හැකි නමුත්, ජනමාධ්‍ය නිදහස නොමැති නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකියි යැයි සාධාරණ සමාජයක් සඳහා වන…
ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ඇතැම් අයිතිවාසිකම්වලට සමහර අවස්ථාවන්හිදී සීමාවන් තිබිය හැකි නමුත්, ජනමාධ්‍ය නිදහස නොමැති නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකියි යැයි සාධාරණ සමාජයක් සඳහා වන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පැවැසීය.
කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, ඝාතනයට ලක් වූ පැහැර ගත්, අතුරුදන් කළ සහ ඝාතනය කළ ජනමාධ්‍යවේදීන් සැමරුම් උත්සවයකට සහභාගේ වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
කෙලෙහිගුණදත් මාධ්‍යවේදීන් වශයෙන් ඝාතනය කළ, අතුරුදන් කළ සහ පැහැර ගත් රට වෙනුවෙන් ස්වාධින සහ ගවේශනශීලී මාධ්‍ය මෙහෙවරක යෙදෙන ලද මාධ්‍යවේදීන්ට කෘතගුණ දැක්වීම සඳහා මෙම උත්සවය සංවිධානය කර අපට ආරාධනය කිරීම ගැන අයිති යඋදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය, ජනමාධ්‍යවේදීන්ගේ සමූපාකාර සමිතිය සහ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට අපගේ ගෞරවය පුද කරනවා.
දැන්වීම
ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ඇතැම් අයිතිවාසිකම්වලට සමහර අවස්ථාවන්හිදී සීමාවන් තිබිය හැකි නමුත්, මාධ්‍ය නිදහස නොමැති නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකියි. නූතන ලෝකය මේ බව අවබෝධ කර ගත්තේ පසුගිය ශතවර්ෂයේ දී යි.
අප රටට අදාළව සැලකීමේදී යහපත් මාධ්‍ය සංස්කෘතියකට පදනම් වූ සියවස් දෙකකට ආසන්න ඉතිහාසයක් තිබෙනවා, මාධ්‍ය නිදහස අභ්‍යාස කිරීම නිසා අප රටක් ලෙස ලබාගත් ජයග්‍රහණ ද බොහෝ තිබෙනවා. ඒ වගේම මාධ්‍ය නිදහස පිළිබඳව සැලකීමේදී ඉතාමත්ම අමිහිරි ඛේදවාචකයන්ගෙන් පිරුණ කළු අතීතයක් ද අපට තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දශක දෙක මාධ්‍ය නිදහසට බරපතළම තර්ජන එල්ල වූ අදුරුතම කාලය වී තිබෙනවා. මාධ්‍යවේදීන් මැරුවා, පැහැර ගත්තා, විවිධ අඩන්තේට්ටම් කරමින් පළිගත්තා.
එහි බලපෑම උතුර - දකුණ - නැගෙනහිර යන සෑම ප්‍රදේශයකටම අත්විඳින්න සිදු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක් වුණ, අතුරුදන් වූ සහ බරපතළ අමානුශික ප්‍රහාරයන්ට ලක්වූ ජනමාධාවේදීන්ගේ සංඛ්‍යාව බොහෝ බව අප දන්නවා.ලසන්ත, එක්නැළිගොඩ, සිවරාම්. නිමලරාජන් වැනි චරිත එහිදී එක්වරම අපේ සිහියට නැගෙනවා. ඒ වගේම ඒ කාලයේ මේ රටේ ජනමාධ්‍ය ආයතනද මුහුණ දුන්නේ බරපතළ අනතුරුදායක තත්ත්වයකටයි.
මාධ්‍ය ආයතන තූළ ඒ කාලයේ ක්ලේමෝ බෝම්බ පවා පිපිරුණා. මාධ්‍ය ආයතනවලට වෙඩි ප්‍රහාර එල්ල වුණා. ආයතන ගිණිබත් කළා. සිරස - උදයන් - සියත වැනි ආයතන එහිදී අපේ සිහියට නැඟෙනවා. ඒ වගේම ජනමාධ්‍යවේදීන් ගණනාවකට අමානුශික ප්‍රහාරයන්ට මුහුණ දෙන්න සිදු වුණා. එවිට අපගේ සිහියට නැගෙන්නේ කීත් නොයාර් - පොද්දල ජයන්ත - උදයන් පුවත්පතේ කුගනාදන් වැනි මාධ්‍යවේදීන්.
අප මේ ඛේදවාචක ගැන කතාකරන්නේ වසර ගණනාවක සිටයි. නමුත්, අද වෙන තෙක් ඒ කිසිවෙකුට හෝ යුක්තිය ඉටු වී නැහැ. එහෙම වෙන්නේ ඇයි..? ජාතික වශයෙන් ඉතා වැදැගත් බොහෝ කරුණුවලට අදාළව පොදු සම්මුතියකින් කටයුතු කරන්නට අප අපොහොසත් වීම ඊට හේතුව ලෙස අප දකිනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප නිතරම උත්සාහ කරන්නේ එම පොදු සම්මුතිය ඇති කරවීම සඳහා ජනතාව පෙළගැස්වීමටයි.
ප්‍රජාතන්ත්‍රවාදය , ජනතාවගේ නිදහස සහ ආරක්ෂාව ගැන විතරක් නොවෙයි ආර්ථික වශයෙන් අප අද වැටී ඇති දැවැන්ත අඝාධයෙන් ගොඩ ඒමට පවා අත්‍යාවශ්‍ය බොහෝ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර ගැනීමේදී පවා අප අදටත් යොමු කරන්නේ අඩු අවධානයක්. අපි එම තත්ත්වය ජාතික දුර්වලතාවයක් ලෙස දකිනවා.
ඒ නිසා මේ අදුරු වළාපටල මතු නොවන යහපත් අනාගතයක් උදා කර ගන්නට නම්, රටක් ලෙස අප පොදු අරමුණකින් ක්‍රියා කළයුතු වෙනවා. මේ වෙනුවෙන් අපත් බොහෝ වගකීම් ඉටු කළා. විවිධ බාධක මධ්‍යයේ තොරතුරු දැන ගැනීමේ පනත ගෙන ආවා. එම පනත ගවේශනශීලී මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට විශාල රුකුලක් වුණා. කථානායක ධුරය දරන කාලයේ දී කෝප්, කෝපා කමිටු මාධ්‍යයට විවෘත කළා. ජනමාධ්‍යයට එය ජනප්‍රිය වැඩ සටහනක් වුණා. පොදු අරමුණක් වෙනුවෙන් දකුණ - උතුර - කදුකරය යන සියලුම ප්‍රදේශවල ජනයා අතර ඒකාබද්ධ ව්‍යායාමයක් දැන් හෝ අප ගොඩනගා ගත යුතු බව යළිත් අවධාරණය කරනවා.
ජනමාධාවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එහිදී බලවත් වගකීමක් ඇති ඛව මගේ විශ්වාසයයි. මාධ්‍යවේදීන් ලෙස ඔබට චෞරයෙකු වීරයෙකු බවට පත් කරන්න පුළුවන්. නිහතමානී වැදගත් පුද්ගලයෙකු හොරෙක්, මිනීමරුවෙක්, මංකොල්ලකාරයෙකු නැතිනම් කුපාඩියෙකු කරන්නත් පුළුවන්. වගකීම්සගත මාධ්‍ය භාවිතයක නියැලීම එහිදී ඉතාමත් වැදගත්.
මාධ්‍ය නිදහස නොමැති පරිසරයක ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති වෙනවා වගේම වගකීම් සහගත මාධ්‍යකරණයක් නොමැති සමාජයක හැමවිටම එහි ප්‍රතිවිපාක රටට ද ලැබෙන නිසයි. මා එසේ කියන්නේ අද අප රට මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදයේ ගැඹුර සහ ඒ මගින් ඇති කරන ප්‍රතිවිපාක ගැන වැටහීමක් ඇති අයෙකු ලෙසයි.
ඒ නිසා අද අප තම වෘත්තීය වෙනුවෙන් දිවිපිදු , විවිධ හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යවේදීන් ගෞරවයෙන් සිහිපත් කරමින්, ඔවුන්ට අප අපගේ ප්‍රණාමය පුදකරමින් ඔවුන්ට යුක්තිය ඉටු කර ගැනීම සඳහා එක්ව පෙළගැසෙමු යන ආයාචනය කරන්න කැමැතියි.