අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් United Youth සමග එක් වෙයි

ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් United Youth සමග එක් වෙයි

"United Youth" හී කලා එකමුතුවේ මහා ලේකම් ලෙස පත් කෙරේ සුදත් චන්ද්‍රසේකරගේ මෙහෙයුමක් ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් මහතා "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක…

"United Youth" හී කලා එකමුතුවේ මහා ලේකම් ලෙස පත් කෙරේ 

සුදත් චන්ද්‍රසේකරගේ මෙහෙයුමක් 

ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් United Youth සමග එක් වෙයි

ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් මහතා "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United Youth" තරුණ බලවේගය සමග එක්ව සිටියි.

රටේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නැගීම සඳහා ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් මහතා මෙසේ "United Youth" ස්වාධීන තරුණ බලවේහය සමග එක් වී ඇත්තේ, එහි නිර්මාතෘ සහ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතාගේ මෙහෙය වීමෙන් වන අතර ඔහු මේ වන විට "United Youth" හී කලා එකමුතුවේ මහා ලේකම්වරයා ලෙස ද කටයුතු කරයි. 

දැන්වීම

හෙළ බල කලා සංසදයේ සභාපතිවරයා ද වන ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් මහතා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට මතවාදීව සහය පළ කළ ප්‍රබල චරිතයක් වන අතර ඔහු 2018 මැයි 28 දින "MPI Film Circuit" හි සම කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස ද පත් කෙරුණි. 

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකවරයෙකු සහ තිර රචකයෙකු ද ප්‍රසිද්ධියට පත්ව සිටින අර්ජුන් කමලනාත් මහතා චතුර කථිකයෙකු ද වන අතර ඔහු මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු ද වේ.

"United Youth" සංවිධානය මගින් මාතලේ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් මාතලේ තානායම් පරිශ්‍රයේදී ඉරිදා (06) සංවිධානය කෙරුණු ප්‍රවර්ධන වැඩ සටහනට ද, ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් මහතා සහභගී වී සිටියේ, ඊට සිය පූර්ණ මතවාදී සහය ලබා දෙමිනි.    

ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් United Youth සමග එක් වෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් United Youth සමග එක් වෙයි | Lanka Newsweek