ජනපති සිතන්නේ තමා ගැන නොව රට-ජනතාව ගැනයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු ගන්නේ තමාගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහ ජනතාවගේ අනාගතය ගැන සිතා වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු ගන්නේ තමාගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහ ජනතාවගේ අනාගතය ගැන සිතා වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි.
ජනතාව වෙනුවෙන් බංකොලොත් රටක් භාර ගත් රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ලෝකයටම ආදර්ශයක් දෙමින් රට නැවත යථා තත්ත්වයට පත් කරමින් සිටින බව පෙන්වා දෙන වජිර අබෙිවර්ධන මහතා එවැනි ආර්ථික වශයෙන් කඩා වැටුණු ලෝකයේ ඇතැම් රටවල් තවමත් ගොඩ ඒමට අසමත් වී සිටින බව ද පවසයි.
ජනාධිපතිවරයා ප්‍රංශයේ දී සහ එංගලන්තයේ දී ලෝකයේ ආධාර දෙන සෑම කණ්ඩායමක් සමඟම ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කර තිබෙන අතර ඒ සෑම රටක්ම වත්මන් වැඩපිළිවෙළ අගය කොට තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙවැනි කඩා වැටුණු රටක් ගොඩගැනීමට නීතීරීතී, අණපනත් සහ විවිධ සංශෝධන අවශ්‍ය කරන අතර ඒවා ලෝකයේ වෙනත් රටවල් පවා අනුගමනය කරන බව පෙන්වා දෙන වජිර අබෙිවර්ධන මහතා නමුත් එම නීතීරීතී වැරදි ආකාරයට විවේචනය කරමින් රටේ ජනතාව නොමඟ යැවීමට විපක්ෂය ප්‍රමුඛ ඇතැම් කණ්ඩායම් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන බවද ජනතාව මේ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතු බව ද වැඩි දුරටත් අවධාරණය කර සිටියි.