ජනපති සර්ව පාක්ෂික සාකච්ඡා අරඹයි

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය…
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයන් පළමු සාකච්ඡා වටයට එක්ව සිටි අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පැවැත්විණි.
එම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
දැන්වීම
තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමග පැවැත් වුණු අතර ඊට එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් බදාදා (03) දිනයේ ද පාර්ශ්ව කිහිපයක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිතව සිටින අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති කාර්යාලය කියයි.
සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් සහ අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිති.
