අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති විපක්ෂයේ සහය ඉල්ලන්නේ හොරු අල්ලන්න ද හොරු බේරන්නද..?

ජනපති විපක්ෂයේ සහය ඉල්ලන්නේ හොරු අල්ලන්න ද හොරු බේරන්නද..?

ජනපතිගේ උදව් අවශ්‍ය නැහැ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් ආණ්ඩුවට එකතු වන්නැයි කියා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද, නැති නම් හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

ජනපතිගේ උදව් අවශ්‍ය නැහැ 

ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් ආණ්ඩුවට එකතු වන්නැයි කියා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද, නැති නම් හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

රටේ ජනාධිපති වීමට තමාට උදව් කරනවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබූ බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2019 දී ඔහු ගෝඨාභය රාජපක්ෂය සමග එකතු වී ජනාධිපති වීමට තමාට උදව් කළ ආකාරය තමා හොඳටම දන්නා බවද පැවසීය.

තමාට එම උදව් අවශ්‍ය නැතැයි ද, තමා යන්නේ කොතනටද කියා තීන්දු කරන්නේ දේශපාලන "Deal" වලින් නොව රටේ ලක්ෂ දෙසිය විස්සකගේ මතය ප්‍රකාශ කිරීමෙන් බවද විපක්ෂ නායකවරයා කීය.

අවුරුදු විසි එකක් විපක්ෂ නායක ධූරයේ පුටුව රත් කර කර ඉන්න තමාට උවමනා නැතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති විපක්ෂයේ සහය ඉල්ලන්නේ හොරු අල්ලන්න ද හොරු බේරන්නද..? | Lanka Newsweek