ජනපති වටා තරුණ සුනාමියක්-United Youth සටන අරඹයි

සුදත් චන්ද්‍රසේකරගේ අලුත්ම වැඩක් පක්ෂ-ජාති-ආගම් භේද කිසිවක් නැහැ රට පුරා ක්‍රියාත්මකයි "ජනපති එක්ක කතා බහක්-තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වටා තරුණ තරුණියන් එකට ඒකරාශී…
සුදත් චන්ද්‍රසේකරගේ අලුත්ම වැඩක්
පක්ෂ-ජාති-ආගම් භේද කිසිවක් නැහැ
රට පුරා ක්‍රියාත්මකයි

"ජනපති එක්ක කතා බහක්-තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වටා තරුණ තරුණියන් එකට ඒකරාශී කරමින් "United Youth" සංවිධානය රට පුරා සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
දේශපාලන පක්ෂ-ජාති සහ ආගම් භේදයෙන් තොරව වයස අවුරුදු 35 ට අඩු රට පුරා සිටින තරුණ තරුණියන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වටා එකට ඒකරාශී කරන "United Youth" සංකල්පයේ නිර්මාතෘවරයා සහ එම සංවිධානයේ සභාපතිවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ යටිබිම් ගත ප්‍රබල නායකයෙකු වන සුදත් චන්ද්‍රසේකර මහතාය.
"United Youth" යටතේ රට පුරා සිටින තරුණ තරුණියන් විශාල පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා එකට ඒකරාශී කිරීමට සුදත් චන්ද්‍රසේකර මහතා සමත්ව සිටින අතර "United Youth" සංවිධානයේ පළමු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ "The Thaprobanian" ශාලාවේදී ද, දෙවැනි රැස්වීම පොළොන්නරුව "සුදු අරලිය" හෝටලයේ වැව් තාවුල්ලේ ද අති සාර්ථක ලෙස පවත් විණ.