අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති ලේකම් කාර්යාලයේ වාහන 51ක් අතුදහන්

ජනපති ලේකම් කාර්යාලයේ වාහන 51ක් අතුදහන්

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් 2022 වසරේ අවසානය දක්වාම කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වී තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයි…

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් 2022 වසරේ අවසානය දක්වාම කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වී තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයි ජාතික විගණන කාර්යාල නිකුත් කර ඇති අලුත්ම වාර්තාවේ දැක්වේ.

මේ අතර ජනාධිපති කාර්යාලය සතු වාහන 53 ක් වෙනත් රාජ්‍ය ආයතන, විහාරස්ථාන, ආගමික නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස් කර ඇති බවත් මේ වාහන අතුරින් වාහන 27ක් සඳහා එම කාර්යාලය නඩත්තු වියදම් ලෙස 2022 වසරේදී රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වැය කර ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

එම වියදම් ප්‍රතිපූරණය කර කර ගැනීමට හෝ කටයුතු කර නොමැති අතර ජනාධිපති කාර්යාලය සතු වාහන වෙනත් ආයතනවලට ලබාදී තිබුණද එම වාහන විධිමත් අනුමැතියක් යටතේ විධිමත් ක්‍රමවේදයකට පැවරීම කර නොතිබූ බවද විගණන වාර්තාවේ දැක්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති ලේකම් කාර්යාලයේ වාහන 51ක් අතුදහන් | Lanka Newsweek