ජනපති පාඨමාලාවට ගෝඨා චීනයට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) විශේෂ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාසයක පමණ කාලයක් සඳහා අද (30) උදැසන චීනය බලා පිටත්ව ගොස් තිබේ. වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහා චීනයේ…
(සුජිත් මංගල ද සිල්වා)
විශේෂ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාසයක පමණ කාලයක් සඳහා අද (30) උදැසන චීනය බලා පිටත්ව ගොස් තිබේ.
වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහා චීනයේ "Hunan International Economics University" විශ්ව විද්‍යාලයට ඇතුළු වී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳව විශේෂ උපාධි පාඨමාලාවක් හැදෑරීමට නියමිතය.
ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී දේශපාලනය සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳව ද වැඩි දුරටත් පුළුල් අධ්‍යනයක යෙදෙනු ඇති අතර චීනයේ පාලක පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන නායකයින් සමග තිබෙන සබඳතා ද වර්ධනය කර ගනු ඇත.මේ කාලය ඇතුළතදී ගෝඨාභය රාජපක්ෂ මහතා චීනයේ සිටින ශ්‍රී ලාංකික සිංහල,දෙමළ සහ මුස්ලිම් ජනතාව ද හමුවීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1