අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති ප්‍රධාන ආණ්ඩුව මැතිවරණ පොරොන්දු සියල්ල කඩලා

ජනපති ප්‍රධාන ආණ්ඩුව මැතිවරණ පොරොන්දු සියල්ල කඩලා

දවසේ පැය 24 ම කියන්නේ බොරු බොරුවට තිත තැබිය යුතු කාලය එළැඹිලා මැතිවරණ දෙකකදී රටේ ජනතාව මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් විශ්වාසය තබා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගිම වෙනුවෙන්…

දවසේ පැය 24 ම කියන්නේ බොරු 

බොරුවට තිත තැබිය යුතු කාලය එළැඹිලා 

මැතිවරණ දෙකකදී රටේ ජනතාව මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් විශ්වාසය තබා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගිම වෙනුවෙන් විශාල වරමක් ලබා දුන්නත් මේ වන විට කෙටිම කාලයක් තුළ එම පොරොන්දු මාලාව ජනතාවගේ බලාපොරොත්තු අපේක්ෂා සහමුලින්ම බිද දැමීමට වත්මන් රජය සමත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, "බොරුවට තිත-සමගියට ජය" යන තේමාව යටතේ මහා නුවර, නාවලපිටිය ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් වන ඊට විශාල ජනකායක් සහභාගී වී සිටියහ.

අද වන විට අප ⁣රටේ ජනතාවට හොද ආදායම් නොමැතිව ජන ජීවිතය කඩා වැටී පවුලට අවශ්‍ය ආහාර ලබා ගත නොහැකිව ඇති බවත් බඩු මිල වැඩි වී හාල් පොල් කිරිපිටි මිල ද අධික ලෙස වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

පොරොන්දු වූ ආකාරයට පාසල් උපකරණ හා අත්‍යාවශ්‍ය ආහාරවලට එක් කර තිබු වැට් එක පවා ඉවත් කිරීමට නොහැකි වී ඇති බවත් වී පොහොර සහනාධාරය දී ගන්න බැරි මේ අය මැතිවරණය නිසා අනෙකුත් භෝගවලටත් පොහොර සහනාධාරය දෙනවා කිව්වත් එය අයවැයේදී නොකියු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාව ඉන්නේ අතිශය දුෂ්කර ජීවිතයක

මේ වන විට ජනතාව අතිශය දුුෂ්කර ජීවිතයක් ගත කරන බවත් 35000 උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වත් එය නොදීම නිසා ඔවුන් පාරට බැස ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පැය 24 ම බොරුව විතරයි

මේ රජය බොරුවෙන් රජ වූ ජනතාව ඇන්දවූ ජනතාව රැවටූ පාලනයක් බවත් මොවුන් ජනතාව මංමුලා කරන ජනතාව අනාථ කරන 24 පැයම බොරු පොරොන්දු දේශපාලනයේ කප් ගැසූවන් ලෙස ආණ්ඩුව පත්ව ඇති බවත් පච කියන රවටන මේ ආණ්ඩුව ලැබූ ජන බලය ක්‍රමයෙන් අඩු වන බවත් තිබූ රැල්ල ශූන්‍ය වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවේ අවසන් තුරුම්පුව

ආණ්ඩුවේ අවසන් තුරුම්පුව වී ඇත්තේ මාලිමා සභාවලට පමණක් ප්‍රතිපාදන ලබා දෙන බවට පැවසීම බවත් රටේ ජනාධිපතිවරයාගෙන් මෙවැනි කතාවක් අපේක්ෂා කළ නොහැකි බවත් ජනාධිපතිවරයා බිහි වන්නෙ ඒ කොටසකට පමණක් නොව සමස්ත රටටම බවත් රාජ්‍ය නායකයාගෙන් මෙවැනි දෙයක් අපේක්ෂා නොකළ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එකම විකල්පය සමගි ජන බලවේගයයි

ජනාධිපතිවරයා මොන බලපෑම කළත් මෙදා රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් ඒ ගැන සැකයක් නැති බවත් දේශපාලන මැර තර්ජනවලට බිය නොවී යුතුකම ඉටු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට එක්සේසත් කරනවා කිව්වට ඉස්ලාමීය ජනතාව වෙනුවෙන් මේ ජනාධිපතිවරයා එදා පෙනී සිටියේ නෑ

රටම එක්සේසත් කම ගැන කතා කළ එකමුතුභාවය ගැන කතා කරපු වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට ඉස්ලාමීය ජනතාව ආදාහන භූමදාන ගැටලුුවේදී නැගී නොසිටි බවත් පලස්තීන ජනතාව වෙනුවෙන් නැගී නොසිටි බවත් පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටි තරුණයකු ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත් එය ජනාධිපතිවරයාගේ නියෝගයක් බවත් දැන් කතා කිරීමේ නිදහස පව නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපති ප්‍රධාන ආණ්ඩුව මැතිවරණ පොරොන්දු සියල්ල කඩලා | Lanka Newsweek