අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති පහත රටින් නම් අගමැතිකම උඩරටට ඕනෑ -නවීන්-

ජනපති පහත රටින් නම් අගමැතිකම උඩරටට ඕනෑ -නවීන්-

"හැබැයි අගමැතිකම මට අවශ්‍ය නැහැ" නවින් දිසානායක මේ කියන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල ගැනද..? "අතයි-පොහොට්ටුවයි" පවුල් දෙකකට සීමා වෙලා (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරණයේදී කන්ද උඩරට ජනතාව සජිත් ප්‍රේමදාස…

"හැබැයි අගමැතිකම මට අවශ්‍ය නැහැ"

නවින් දිසානායක මේ කියන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල ගැනද..?

"අතයි-පොහොට්ටුවයි" පවුල් දෙකකට සීමා වෙලා

ජනපති පහත රටින් නම් අගමැතිකම උඩරටට ඕනෑ -නවීන්-

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපතිවරණයේදී කන්ද උඩරට ජනතාව සජිත් ප්‍රේමදාස මහතා විජයග්‍රාහී ලෙස ජයග්‍රහණය කරවමින් ඔහු රටේ ජනාධිපති ධූරයට පත් කරන නිසා අගමැතිකම නියත ලෙසම කන්ද උඩරටට අවශ්‍ය යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අවධාරණය කර සිටියි.

දැන්වීම

කෙසේ නමුත් එම අගමැති ධූරය තමාට අවශ්‍ය නොවන බවද නවින් දිසානායක මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා මේ අදහස් පළ කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර පොත්තපිටියේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නවින් දිසානායක මහතා මෙසේ ද කීය.

" කිසිවක් නොමිලයේ හෝ ආයාසයකින් තොරව නොලැබෙන බවත් සියල්ල අප දිනා ගත යුත්තේ සටන් කිරීමෙන් බවත් මගේ පියා වූ දිවංගත ගාමිණි දිසානායක මැතිතුමා මට උගන්වා තිබෙනවා. ඒ නිසා මයන්ත දිසානායකත් මමත් ඉදිරියේදී අපට ලැබිය යුතු සියල්ල සටන් කර ලබා ගන්නවා.

ජනාධිපතිවරණයේදී කන්ද උඩරට ජනතාව සජිත් ප්‍රේමදාස මහතා විජයග්‍රාහී ලෙස ජයග්‍රහණය කරවමින් ඔහු රටේ ජනාධිපති ධූරයට පත් කරන නිසා අගමැතිකම නියත ලෙසම කන්ද උඩරටට අවශ්‍යයි. එහෙත් ඒ අගමැතිකම මට අවශ්‍යයි කියා මම කියන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා පහත රට නියෝජනය කරමින් රටේ ජනාධිපති වනවා නම් අගමැතිකම උඩරට පුද්ගලයෙකුට අනිවාර්යෙන්ම ලැබිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ ශ්‍රේෂ්ඨ සහ දැවැන්ත නායකයින් හත් දෙනෙකු බිහි කළ දේශපාලන පක්ෂයක් බව කිව යුතුයි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාලයට ඒ දේශපාලන වාතාවරණයට අනුව අපගේ නායකයන් ඉදිරිපත් කරනවා.

මේ වාමාංශික යැයි කියා ගන්නා දේශපාලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවුල් දෙකකට සීමා වී තිබෙනවා. ඒ බණ්ඩාරනායක පවුල සහ රාජපක්ෂ පවුලයි. එහෙත් එක්සත් ජාතික පක්ෂය එසේ පවුලකට සීමා වී නැහැ. අපේ පක්ෂයේ සහෝදර සමාගම් නැහැ. මමත් මයන්ත දිසානායකත් ගාමිණී දිසානායකගේ පුතුන් වුනාට මේ තනතුරුවලට පත් වුණේ අපේ ඇප කැප වීමෙනුයි. සජිත් ප්‍රේමදාස මහතාත් අවුරුදු විස්සක් මුළුල්ලේ දේශපාලනය කර තිබෙන අතර පුංචිම තැනින් වැඩ ආරම්භ කළ එතුමාත් මේ තත්වයට පැමිණියේ ඇප කැප වීමෙන් බව කිව යුතයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපති පහත රටින් නම් අගමැතිකම උඩරටට ඕනෑ -නවීන්- | Lanka Newsweek