අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදය අමතයි

ජනපති දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදය අමතයි

මානව අවශ්‍යතා සමඟ පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිවරයා කැඳවූ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක…

මානව අවශ්‍යතා සමඟ පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිවරයා කැඳවූ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදයේදී ජනපතිවරයා මේ බව පැවසීය.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රී ලංකාව මානව අවශ්‍යතා සමඟ පාරිසරික පරාසයන් සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දැන්වීම

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) මහතා විසින් කැඳවා තිබු “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍යය වෙනුවෙන් : දේශගුණික ක්‍රියාවලිය වර්ධනය කිරීම” මැයෙන් වූ රාජ්‍ය නායක සංවාදයට අද (27)  වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය. 

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංවාදයට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූහ.
දේශගුණික ප්‍රමුඛතා ආමන්ත්‍රණය කරලීමට රාජ්‍යයන්ට ඇති හැකියාවන් කොවිඩ් 19 වසංගතය විසින් යටපත් කර ඇති අවස්ථාවක පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍ය උදෙසා දේශගුණික ක්‍රියාකාරී සැලැස්මක්” ඉදිරිපත් කරලීමට සභාපතිවරයා විසින් මෙම ඉහළ මට්ටමේ සංවාදය කැඳවා තිබිණි. 

සංවර්ධිත ජාතීන් පෘථිවිය සුවපත් කරලීමට ඔවුන්ගේ කැපකිරීම් ඉටු කළ යුතු බව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරීමේ හා උපයෝජනය වීමේ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථවත් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සහයෝගය අවශ්‍ය බව ද කියා සිටියේ ය. 

අද අප සිටිනුයේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියක ය. ඒ නිසා ම දේශගුණික විපර්යාසයන්ට කඩිනමින් හා තීරණාත්මකව අවධානය යොමු කරමින් විසඳුම් සෙවිය යුතු ය. ජාත්‍යන්තර වශයෙන්, ගල් අඟුරු විරහිත නව බලශක්ති සම්මුතියේ සම - නායකයෙකු වීම පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බව පැවසූ ජනාධිපතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ද ශ්‍රී ලංකාව නායකත්වය සපයන බව සඳහන් කළේය.

තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය මඟින් වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප්‍රමාණය අඩකින් අඩු කිරිමට ශ්‍රී ලංකාව උත්සාහ කරයි. ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රතිපත්ති රාමුව, තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කර ඇති බවට තමා සහතික වන බව  ජනාධිපතිතුමා සඳහන් කළේය. මෙය බලපැවැත්වීම සඳහා කෘත්‍රිම පොහොර අධික ලෙස භාවිතය සීමා කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත් අතර, එමඟින් සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට මෙන් ම නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කර ගැනීමට හැකිවනු ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීය. 

2050 වන විට ශ්‍රී ලංකාවේ කාබන් ශුන්‍යතාව සාක්ෂාත් කර ගැනීම ඉලක්කය වන අතර, වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටී. මෙම ප්‍රශංසනීය අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස අපගේ සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා තාක්ෂණික හුවමාරුව, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය ආධාර යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවට ලබා දෙන සහය සතුටින් පිළිගන්නා බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

වර්තමානයේ පවතින හා අවශ්‍ය තාක්ෂණික නිපුණතා සහ මූල්‍ය හැකියාවන් අතර පරතරය කෙරෙහි මෙම සංවාදයේදී අවධානය යොමු කෙරුණු අතර එම පරතරය සපුරා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සංවාදයට ලක් විය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපති දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදය අමතයි | Lanka Newsweek