අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඉන්දියාව අගමැතිගෙන් ප්‍රශ්න කරයි..!

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඉන්දියාව අගමැතිගෙන් ප්‍රශ්න කරයි..!

මෝධි-රනිල් හමුවට “රෝ”ඔත්තු සේවයේ අධ්‍යක්ෂකත් කැඳවලා..! චීනයේ ශ්‍රී ලංකා ආක්‍රමණයට ඉන්දියාව විරුද්ධයි..! (සුජිත් මංගල ද සිල්වා) ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට…

මෝධි-රනිල් හමුවට “රෝ”ඔත්තු සේවයේ අධ්‍යක්ෂකත් කැඳවලා..!

චීනයේ ශ්‍රී ලංකා ආක්‍රමණයට ඉන්දියාව විරුද්ධයි..!

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඉන්දියාව අගමැතිගෙන් ප්‍රශ්න කරයි..!

(සුජිත් මංගල ද සිල්වා)

ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (18) රාත්‍රී වන තුරුත් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා හමු වී සාකච්ඡා කිරීමට වේලාවක් නොලැබුණත් මේ වන විට ඒ සඳහා වේලාවක් ලබා දී තිබේ.

ඒ අනුව මේ හමුව මේ හමුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (20) දිවයිනට යළි පැමිණීමට මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි අග නුවර පිහිටි “හයිද්‍රබාද්”නිල නිවසේදී සිදු වනු ඇත.

මේ හමුවේ විශේෂත්වය අග්‍රාමාත්‍ය වන්නේ අග්‍රාමාත්‍ය මෝධි මහතා ඉන්දීය “රෝ”ඔත්තු සේවයේ අධ්‍යක්ෂකවරයා සහ ඉන්දීය රජයේ දේශපාලන උපාය උපක්‍රම උපදේශක ශේශාස්ත්‍රි සාවි මහතා ද සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමය.

එහිදී සාකච්ඡාවට ගැනෙන්නේ ඉන්දියාවේ “රෝ” සංවිධානයේ ඒජන්තයකු මාර්ගයෙන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බවට ශ්‍රී ලංකා ආණ්ඩුවේන් එල්ල වන බරපතළ චෝදනාව සම්බන්ධයෙන් පමණක් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ සහ ඉන්දීය “රෝ” ඔත්තු සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග “lankanewsweek” සමග පැවසීය.

ඒ හැරුණු විට දෙරට අතර දේශපාලනික,ආර්ථික,සමාජීය සහ සංස්කෘතික කාරණා පිළිබඳ කිසිවක් සාකච්ඡා නොවනු ඇතැයි ද ඉන්දීය රජයේ ස්ථාවරය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා ඍජුව ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කළේය.

මීට අමතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ස්වදේශ අමාත්‍ය රාජ් නාත් සිං මහතා ද හෙට (20) එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව අත්සන් කළ සංවර්ධන ව්‍යපෘති 10  ප්‍රමාද කරමින් චීනය සමග අත්සන් කළ සංවර්ධන ව්‍යපෘති වේගවත් කරන්නේ කිනම් පදනමක් යටතේ ද යන්න පිළිබඳව එහිදී ඉන්දියාව කරුණු විමසනු ඇත.

ඒ සාකච්ඡාවේ ප්‍රගතිය සහ ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හමු වී වැඩි දුරටත් කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාව උදා වනු ඇතැයි ඉන්දීය දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ උතුරැ නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ඉඩම්,නිවාස,ධීවර සහ බෝට්ටු ප්‍රශ්න ද ඉන්දීය ධීවරයන් මුහුණ දී සිටින ප්‍රශ්න වගේම චීනය සිදු කරන ශ්‍රී ලංකා ආක්‍රමණයත් ඒ හේතුවෙන් ඇති විය හැකි කලාපීය දේශපාලන අර්බුදත් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඉන්දියාව අගමැතිගෙන් ප්‍රශ්න කරයි..! | Lanka Newsweek