අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති කෙරෙහි ජනතා අභිලාශය තුන් ගුණයකින් වැඩි වෙලා

ජනපති කෙරෙහි ජනතා අභිලාශය තුන් ගුණයකින් වැඩි වෙලා

රටේ ආර්ථික වර්ධනය පිළිබඳ විශ්වාස කරන පිරිස සියයට තිහකින් වැඩි වෙලා "Verité Research" නවතම සමීක්ෂණයෙන් හෙළිදරව් වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුව කෙරෙහි වන ජනතා අනුමැතිය 2024…

රටේ ආර්ථික වර්ධනය පිළිබඳ විශ්වාස කරන පිරිස සියයට තිහකින් වැඩි වෙලා 

"Verité Research" නවතම සමීක්ෂණයෙන් හෙළිදරව් වෙයි 

ජනපති කෙරෙහි ජනතා අභිලාශය තුන් ගුණයකින් වැඩි වෙලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුව කෙරෙහි වන ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වන විට තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව "Verité Research" ආයතනය නිවේදනය කර සිටියි.

"Verité Research" ආයතනය මේ බව කියා සිටින්නේ, "රට හිතන හැටි" යන තේමාව යටතේ එම ආයතනය මගින් මාසිකව දීපව්‍යාප්තව සිදු කෙරෙන ජන මත සමීක්ෂණයේ නවතම ප්‍රතිඵල නිකුත් කරමින් වන අතර ඊට අනුව 2024 පෙබරවාරි මාසයේදී 7%ක් ව පැවති ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව කෙරෙහි වන ජනතා අනුමැතිය 2024 ජූලි මාසය වන විට 24% දක්වා ඉහළ ගොස් ඇතැයි "Verité Research" ආයතනය පෙන්වා දෙයි. 

දැන්වීම

එසේම රටේ වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට විශ්වාස කරන පිරිසද 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 ජූලි මාසය වන විට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන "Verité Research" ආයතනය කියා සිටින්නේ, 2024 පෙබරවාරි මාසයේදී රටේ ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බව 9%ක් පමණක්  විශ්වාස කළ නමුත් එම ප්‍රමාණය 2024 ජූලි මාසයේදී 28% දක්වා ඉහළ ගොස් ඇති බවය. 

රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කරන පිරිසද තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ද, 2024 පෙබරවාරි මාසයේදී රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කළේ 9% ක පිරිසක් වන නමුත් 2024 ජූලි මාසය වන විට එම ප්‍රමාණය 30% දක්වා වැඩිවී ඇතැයි ද "Verité Research" ආයතනය වැඩි දුරටත් පෙන්වා දෙයි.

ජනපති කෙරෙහි ජනතා අභිලාශය තුන් ගුණයකින් වැඩි වෙලා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න