ජනපති කරන්නේ දූෂිතයින් ආරක්ෂා කර ජනතාව සූරා කෑමයි

"VAT" බද්ද සැබවින්ම "VAT" බද්දක් නොව දූෂිත බද්දක් ජනපති පොහොට්ටුවේ රූකඩයක් ජනාධිපති කන්නෙම දිරච්ච ලණු අපි වරදාන-වරප්‍රසාදවලට එකතු වන්නේ නැහැ පුරවැසියන්ගේ ආයු කාලය අඩු වන පාලනයක් දූෂිත පාලකයන්ගේ හොරකම…
"VAT" බද්ද සැබවින්ම "VAT" බද්දක් නොව දූෂිත බද්දක්
ජනපති පොහොට්ටුවේ රූකඩයක්
ජනාධිපති කන්නෙම දිරච්ච ලණු
අපි වරදාන-වරප්‍රසාදවලට එකතු වන්නේ නැහැ
පුරවැසියන්ගේ ආයු කාලය අඩු වන පාලනයක්
දූෂිත පාලකයන්ගේ හොරකම නිසා රට බංකොලොත් වූ නමුත් දූෂිතයන්ගෙන් එම මුදල් නැවත අය කර ගන්නවා වෙනුවට දූෂිතයන් ආරක්ෂා කරමින් රටට අහිමි වූ මුදල් ජනතාව පීඩාවට පත් කර ලබා ගැනීම සඳහා පනවා ඇති "VAT" බද්ද සැබවින්ම "VAT" බද්දක් නොව "දූෂණ" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල තොරතුරු තාක්ෂණ වැඩ සටහනේ 62 වැනි අදියර යටතේ මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දූෂිතයින් ආරක්ෂා කරන්නෙ ඔහු එම දූෂිතයින්ගේ ඡන්දයෙන් තේරී පත් වූ නිසා යැයි ද, ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එකසිය තිස් හතර දෙනා කියන ආකාරයට ඔහුට රෑකඩයක් ලෙස නැටීමට සිදුව ඇතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
දැන්වීම
ජනාධිපතිවරයා මේ දිනවල දිරච්ච ලණු කන කන්නේ යැයි ද, ඊට හොඳම උදාහරණය රතු මුහුදේ හූති කණ්ඩායමේ ප්‍රහාර හේතුවෙන් අපේ රටේ බඩු මිල වැඩි වන නිසා මෙරට නාවික හමුදාව යොදවා රුපියල් මිලියන 250ක් වියදම් කර එම හූති සටන් කාමීන්ට විරුද්ධව සටන් කළ යුතු යැයි ජනාධිපතිවරයා කියා සිටින බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ලෝකයේ දියුණු රටවල් තිබියදී මේ බංකොලොත් රට එවැනි කාර්යයක් සිදු කරන්න පෙළඹෙන්නේ ඇයිද කියා පුදුම සහගත යැයි ද සඳහන් කළේය.
දූ දරුවනට දිිවා ආහාරයක් ලබා දීමට නොහැකි සහ මිල අඩු කිරීමට නොහැකි රජය, හූතී සටන්කාමීන් මෙල්ල කරන්න රුපියල් මිලියන 250ක් වියදම් කර ඇතැයි ද, රට බංකොලොත් වී තිබෙන තත්ත්වය හමුවේ ප්‍රමුඛතාවය දිය යුතු කොතෙකුත් දේ තිබුණත් ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇත්තේ වෙනත් දිසාවකට යැයි ද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
තවද සමගි ජන බලවේග සන්ධානයට විවිධ පර්ශ්ව සම්බන්ධ කර ගන්නේ, විවිධ තනතුරු, වරදාන සහ වරප්‍රසාද ලබා නොදී යැයි ද, සමගි ජන බලවේගය එසේ මුදල්, විවිධ තනතුරු, වරදාන සහ වරප්‍රසාද ලබා නොදෙන්නේ යැයි ද, රට-ජනතා වෙනුවෙන් මේ සියලු දෙනාගේ සහය ලබා ගන්නේ කොන්දේසි විරහිතව යැයි ද, සමගි ජන බලවේගය සතු මුදල් භාවිත කරන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමට යැයි ද විපක්ෂ නායකවරයා පැහැදිලි කළේය.
මේ වන විට රට පාලනය වන්නේ පුරවැසියන්ගේ ආයු කලය අඩු වන ආකාරයට යැයි ද, රටේ අගය අඩු කරන අතර ජනතාවගේ ආයු කාලය ද අඩු වන ආකාරයට ජනාධිපතිවරයා ප්‍රධාන රජය කටයුතු කරන්නේ යැයි ද හෙතෙම චෝදනා කළේය.
තමා බලය ඉල්ලා සිටින්නේ අනෙකුත් නායකයින් වගේ වැඩ කිරීමට නොවන්නේ යි ද, බලය ලැබෙන්නටත් පෙර සිටම තමා කිසිදු කොමිස් මුදලක් නොගෙන රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් තමා ඉටු කර ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම රට නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නම් රටේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන එම ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ඔවුන්ගේ සහයෝගය ඇතිව පාසල් පද්ධතිය දියුණු කළ හැකි වුවත් එවැන්නක් රටේ සිදු නොවන්නේ යැයි ද, සමගි ජන බලවේග රජයක් යටතේ එවැනි නෛතික ප්‍රතිපාදන ඇති කර ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ඔවුන්ගේ සහයෝගයෙන් පාසල් දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
