ජනපති කතාව ගැන නීතිඥ සංගමය කලබල වන්නේ ඇයි..?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 පෙබරවාරි 23 වැනි දින පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනවශ්‍ය කලබගෑනියක් ඇති කර ගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි එක්සත් ජාතික පක්ෂ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 පෙබරවාරි 23 වැනි දින පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනවශ්‍ය කලබගෑනියක් ඇති කර ගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය.
කිසිම නීතීඥයකු දේශපාලනයේ නියැලෙන්නකු ලෙස ජනාධිපතිවරයා විසින් හදුන්වා නොදුන් බවත් මැතිවරණ කොමිසම එක් නීතීඥයකු බාහිරින් තෝරා ගත් විට තමා හමුවූ සමහර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ දේ පමණක් සිය කතාවේදී ජනාධිපතිවරයා සිහිපත් කළේ යැයි වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
දැන්වීම
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද සංස්කරණය නොකළ සම්පූර්ණ කතාව හැන්සාඩ් වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇතැයි පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජනපති කතාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් හැන්සාඩ් වාර්තාව මගින් සැක දුරු කර ගත හැකි බව ද වැඩි දුරටත් පැවසීය.
තමා හමුවී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළ කරුණු ජනාධිපතිවරයාගේ කතාව ඇතුළත් හැන්සාඩ් වාර්තාවේ ඉතා නිරවුල්ව සඳහන් වී තිබෙන බව ද වජිර අබේවර්ධන මහතා තව දුරටත් කියා සිටියේය.