ජනපති එක්සත් ජාතීන්ගේ 76වන සැසියට

(හේමන්ත තුසිත කුමාර) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා එලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන පළමු අවස්ථාව…
(හේමන්ත තුසිත කුමාර)
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා එලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන පළමු අවස්ථාව මෙය වේ.එය එළඹෙන සැප්තැම්බර් 21 වනදා, ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ දී ආරම්භවීමට නියමිතය.
එම සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
මෙම සංචාරයට විදේශ අමාත්‍ය මහාචර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද එක් වෙති.