අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති උපදේශක මෛත්‍රී වෙල මැද තනි වෙයි..!

ජනපති උපදේශක මෛත්‍රී වෙල මැද තනි වෙයි..!

ඒකාබද්ධය පා ගමන මඟ හරියි..! පා ගමන්කරුවන්ට වඩා පොලිස් නිලධාරීන් වැඩි වෙලා (සුමුදු පෙරේරා) “රට වැනසූ අගමැති” ගෙදර යනු යන තේමාව යටතේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහනුවර සිට කොළඹ දක්වා පැමිණීමේ අරමුණින්…

ඒකාබද්ධය පා ගමන මඟ හරියි..!

පා ගමන්කරුවන්ට වඩා පොලිස් නිලධාරීන් වැඩි වෙලා

ජනපති උපදේශක මෛත්‍රී වෙල මැද තනි වෙයි..!

(සුමුදු පෙරේරා)

“රට වැනසූ අගමැති” ගෙදර යනු යන  තේමාව යටතේ එක්සත් ජාතික  නිදහස් පෙරමුණ මහනුවර සිට කොළඹ දක්වා පැමිණීමේ අරමුණින් අද (31) උදැසන ආරම්භ කළ පා ගමනට මේ වන විට සහභාගී සිටින්නේ 150ක පමණ පිරිසක් බව පොලිස් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම පා ගමන මේ වන විට මහනුවර,කඩුගන්නාව පසු කරමින් සිටින බව “lanakanewsweek”  වාර්තා කරුවෝ පවසති.

“රට වැනසූ අගමැති” ගෙදර යනු යන  තේමාව යටතේ එක්සත් ජාතික  නිදහස් පෙරමුණ මේ පා ගමන මහනුවර,ගැටඹේ ක්‍රීඩාංගනයෙන් සටන්කාමී ලෙස ආරම්භ කළත් අපේක්ෂිත තරම් ජනකායක් ආරම්භයේ සිටම ඒ වටා එක් රොක්ව නොසිටි බව ද එම වාර්තා කරුවෝ පෙන්වා දෙති.

කෙසේ නමුත් අති විශාල ජනකායක් මේ පා ගමනට එක් වනු ඇති බවට  කෙරුණු උපකල්පනය මත ආරක්ෂාව වෙනුවෙන්  පොලිස් නිලධාරීන් 500ක් පමණ රාජකාරියේ  යෙදවීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

මේ පා ගමන සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විවිධ දේශපාලන බලවේග සිය සහය පළ කිරීමට කලින් එකඟ වී සිටියත්,ප්‍රධාන පෙළේ දේශපාලන ක්‍රියාකාරීන් කිසිවකු මේ වන තුරුත් සිය  සහය දක්වමින් ඊට එක්වී  වී නොමැති බව ද “lanakanewsweek” මහනුවර   වාර්තා කරුවෝ වැඩි දුරටත්  පවසති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති උපදේශක මෛත්‍රී වෙල මැද තනි වෙයි..! | Lanka Newsweek