අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති ඇමරිකා එක්සත් ජනපදයට ළඟා වේ

ජනපති ඇමරිකා එක්සත් ජනපදයට ළඟා වේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අඟහරුවාදා (23) එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අඟහරුවාදා (23) එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගි වී සිටී.

- ජනාධිපති මාධ්‍ය අංශය -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න