ජනපති-අශෝක අබේසිංහ රහස් සාකච්ඡාව එළියට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

එජාපයේ ප්‍රබලයෙක් බොර දියේ මාළු බෑමට මාන බලයි..! (රසික මහගෙදර) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ යන මහත්වරුන් අතර විශේෂ හමුවක්…
එජාපයේ ප්‍රබලයෙක් බොර දියේ මාළු බෑමට මාන බලයි..!
(රසික මහගෙදර)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් කොළඹ දී ඉරිදා (25) සිදුව තිබේ.
පැයකට පමණ අධික කාලයක් පැවති මේ හමුවේදී දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා වී ඇති අතර මේ හමුව පිළිබඳව ආරංචිය එළියට පැමිණීමත් සමග ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ අවධානය යොමු වී තිබේ.
පාර්ලිමේන්තුවේ 113ක බහුතරය තමා කියන ආකාරයට ඔප්පු කර පෙන්නුවත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට යළි පත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙශ් ජනමාධ්‍ය හමුවේ තරයේ කියා සිටි දිනයේදීම මේ හමුව සිදුවීම විශේෂ සිද්ධියක් වන අතර ඒ හේතුවෙන්ම මේ හමුව සහ දෙපාර්ශවය අතර සිංදු වූ සාකච්ඡාව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයකගේ සැකයට තුඩු දී ඇත.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොන්දේසියට යටත්ව, රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට අග්‍රාමාත්‍ය ධූරය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් අලුත් නමක් යෝජනා කර හෝ එක්සත් ජාතික පක්ෂ පෙරමුණු ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතුය යන ස්ථාවරයේ ඌව සහ බස්නාහිර පළත් නියෝජනය කරන ජේෂ්ඨ සහ නවක මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටින බව එම පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග “lankanewsweek” සමග හෙළි කළේය.
එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල සහ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මේ කියන ස්ථාවරයට අනියමින් සහ වක්‍රාකාරයෙන් සහය පළ කරමින් සිටින අතර ඒ පිළිබඳ තොරතුරු නම් ගම් සහ සිද්ධීන් සහිතව “lankanewsweek” කණ්ඩායම මේ මොහොතේ හෙළි නොකරන නමුත් ඒ සියල්ල ඉදිරියේදී හෙළි කරමින් සිය පාඨකයින්ගේ ඇත්ත දැන ගැනීමේ අයිතිය තහවුරු කරන බවට සහතික වෙමු.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1