ජනපති අද මානාහිමි වරු බැහැ දකියි

ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා බදාදා (20) පළමු වරට මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද උදෑසන ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා…
ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා බදාදා (20) පළමු වරට මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අද උදෑසන ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිත අතර ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙණේ දී රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමි බැහැ දැකීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා අද පස් වරුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැකීමට ද නියමිතව ඇත.