ජනපති-අගමැති හැප්පූ “හිල්ටන් මෙහෙයුම” පත්තු වෙයි..!

(සුමුදු පෙරේරා) බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කර ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර මත ගැටුම් අති…
(සුමුදු පෙරේරා)
බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කර ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර මත ගැටුම් අති කිරීමේ සැලසුම්සහගත වැඩ පිළිවෙළක් පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් වී තිබේ.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මෙම මත ගැටුම් අති කිරීමේ වැඩ පිළිවෙළ පිළිබඳ සියලු සාකච්ඡා සිදු කර ඇත්තේ කොළඹ හිල්ටන් හෝටලයේ දී වන අතර ඒ වෙනුවෙන් බර පැන දැරීම ඇතුළු සියලු පහසුකම් සපයා ඇත්තේ හිල්ටන් හෝටලයේ සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ(LAKEHOUSE)සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා විසිනි.
දැන්වීම
මේ සාකච්ඡා සඳහා ක්‍රිෂාන්ත කුරේ මහතා සමග නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රබල නිලධාරියකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරයකු සහභාගී තිබේ.
මේ සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ වන විටත් වාර්තා වී තිබෙන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.
බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව එළිදැක්වීමට පෙර සිටම සතියට දින කිහිපයක් කොළඹ හිල්ටන් හෝටලයේ දී සවස් වරුවේ හමු වී ඇති මේ කණ්ඩායම අදාළ වාර්තාව එළිදැක්වූවාට පසුව ක්‍රියා කළ යුතු ආකාරයත්, එම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිරීමට නියමිතව සිටී ප්‍රකාශයේ අන්තර්ගත විය යුතු කරුණුත් පිළිබඳව සාකච්ඡා කර ඇත්තේ ඉස්තරම් වර්ගයේ මිල අධික විදේශීය මත් පැන් ද තොලගාමින් බව හෙළි වී තිබේ.
මේ සිද්ධියට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බුද්ධි තොරතුරු මත ඔහු හිල්ටන් හෝටලයේ සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ(LAKEHOUSE)සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියා කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු “lankanewsweek” සමග පැවසීය.