අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති-අගමැති තීරණාත්මක හමුවක් හෙට..!

හුස්ම ගත්ත වසර තුනක්-වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට..!

කැබිනට් සංශෝධනය අඟහරුවාදා හෝ බදාදා..? රවීට-දයාසිරිට යළි කැබිනට් වරම්..! ෆීල්ඩ් මාර්ෂල්ට ඇමති ධූරය අහිමි වන ලකුණු..? (සුජිත් මංගල ද සිල්වා) සම්මුතිවාදී යහ පාලන ජාතික රජය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන…

කැබිනට් සංශෝධනය අඟහරුවාදා හෝ බදාදා..?

රවීට-දයාසිරිට යළි කැබිනට් වරම්..!

ෆීල්ඩ් මාර්ෂල්ට ඇමති ධූරය අහිමි වන ලකුණු..?

ජනපති-අගමැති තීරණාත්මක හමුවක් හෙට..!

(සුජිත් මංගල ද සිල්වා)

සම්මුතිවාදී යහ පාලන ජාතික රජය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සමබන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ඡාවක් හෙට (15) පැවැත්වේ.

මේ සාකච්ඡාවෙන් අනතුරුව අඟහරුවාදා (16) හෝ බදාදා (17) කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වනු ඇති අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට කැබිනට් ඇමති ධූර යළි හිමි වනු ඇත.

උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ එම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සිය අමාත්‍ය ධූරය බොහෝ විට අහිමි වනු ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග පවසයි.

මේ සාකච්ඡාවේදී පොදු එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය අසමත් වුණොත් දෙපාර්ශවයම අවසන් දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි ද  දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජනපති-අගමැති තීරණාත්මක හමුවක් හෙට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති-අගමැති තීරණාත්මක හමුවක් හෙට..! | Lanka Newsweek