ජනපති-අගමැති තීරණාත්මක සාකච්ඡාවක..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරු කොළඹ ජනාධිපති මන්දිරයේදී මේ මොහොත වන විට විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක යෙදි සිටිති. අග්රාමාත්ය රනිල්…
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරු කොළඹ ජනාධිපති මන්දිරයේදී මේ මොහොත වන විට විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක යෙදි සිටිති.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවද, එම විශ්වාස භංගය පදනම් කර ගෙන රටේ දේශපාලන ක්ෂේත්රයේ උද්ගත වි ඇති තත්ත්වය සහ විරුද්ධවාදී දේශපාලන බලවේග පරාජයට පත් කරමින් මේ අවස්ථාවේදී ක්රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ මොහොත වන විටත් ගැඹුරින් කරුණු සාකච්ඡා කරමින් සිටිති.
මේ හමුවෙන් පසුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම හමුවීමට නියමිතව සිටින අතර අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය ක්රියා කළ යුත්තේ කෙසේද යන්න පිළබඳව එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1