අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිවරණ කතා අනවශ්‍ය බව මෛත්‍රියි-චන්ද්‍රිකායි එක හඬින් කියති..!

ජනපතිවරණ කතා අනවශ්‍ය බව මෛත්‍රියි-චන්ද්‍රිකායි එක හඬින් කියති..!

"ජනපතිවරණය ගැන මගේ තීන්දුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුයි" "ඊළඟට වැදගත් වන්නේ ජනපතිකම නොව අගමැතිකමයි" ජනාධිපතිවරණය ගැන ජනපතිගේ ස්ථාවරය මෙන්න..! "ජනපතියි-හිටපු ජනපතිනියයි" එක ම වේදිකාවේ..!…

"ජනපතිවරණය ගැන මගේ තීන්දුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුයි" 

"ඊළඟට වැදගත් වන්නේ ජනපතිකම නොව අගමැතිකමයි"

ජනාධිපතිවරණය ගැන ජනපතිගේ ස්ථාවරය මෙන්න..!

"ජනපතියි-හිටපු ජනපතිනියයි" එක ම වේදිකාවේ..!

ජනපතිවරණ කතා අනවශ්‍ය බව මෛත්‍රියි-චන්ද්‍රිකායි එක හඬින් කියති..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධ මාතෘකාව සම්පුර්ණයෙන් ම ඔලුවෙන් ඉවත් කර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගෙන් අගහරුවාදා (27) ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ තමාගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වුණාට පසුව බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා තරයේ කියා සිටියේය. 

දැන්වීම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවදාරණය කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සමග ජනාධිපති මන්දිරයේදී පවත් වූ විශේෂ සාකච්ඡාවක දී වන අතර මේ අවස්ථාවට ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනය පරිදි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එක්ව සිටියාය. සර් ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය ලෙස චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මියට එහි දී විශේෂ ගෞරවයක් පිරිනැමීම විශේෂයෙන් කැපී පෙනුණු සිද්ධියක් විය. 

එහිදී වැඩි දුරටත් අදහස් දැක වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද කිය.

"බොහෝ අය මේ වන විට ජනාධිපතිවරණයක් ගැන කතා කළත් ඉදිරි ජනාධිපතිවරණය සහ එමගින් තේරී පත්වන ජනාධිපතිවරයා  බලවත් නොවන බව පැහැදිළිව ඔබ සියලු දෙනා හමුවේ කිව යුතුයි. ඉදිරියේදී බලවත් වන්නේ  සහ අතිශය වැදගත් වන්නේ අගමැති ධූරය සහ පාර්ලිමේන්තු බලයි. එම නිසා ඔබ සියලු දෙනා සිතුය යුත්තේ සහ වෙහෙස් වී ක්‍රියා කළ යුත්තේ ඉදිරි මහා මැතිවරණය සඳහායි.

එම නිසා ජනාධිපතිවරණය ගැන කිසිවක් ඔබලාගේ ඔලුවට නොගත යුතුයි.ජනාධිපතිවරණය සම්බන්ධ අපේ තීරණය අප ප්‍රකාශය පත් කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශ කෙරුනාට පසුවයි. එම නිසා ජනාධිපතිවරණය හෝ ජනධිපාහි අපේක්ෂකයා පිළිබඳ මාතෘකාවක කිසිදු අවශ්‍යතාවයක් මේ මොහොතේ ඇත්තේ නැහැ. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් ගැන හෝ ජනාධිපති අපේක්ෂකයෙක් ගැන මාතෘකාවක් හෝ සාකච්ඡාවක් අවශ්‍යම නැහැ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කරනවා ද නැති නම් එහි දී එක්සත් ජාතික පෙරමුණට හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය ලබා දෙනවා ද යන්න සම්බන්ධයෙන් අප මෙතෙක් කිසිදු අවසන් තීන්දුවක් ගෙන නොමැති අතර ඒ පිළිබඳ සියලු තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරුනාට පසුවයි"

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපතිවරණ කතා අනවශ්‍ය බව මෛත්‍රියි-චන්ද්‍රිකායි එක හඬින් කියති..! | Lanka Newsweek