"ජනපතිවරණය නොවැම්බර් 15-දෙසැම්බර් 07" ස්ථිරයි..!

(නායක බණ්ඩාර) ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි. එය අනිවාර්යෙන්ම නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 යන දින දෙක අතර කාලයේ දී පැවැත්වෙන බව…
(නායක බණ්ඩාර)
ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි. එය අනිවාර්යෙන්ම නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 යන දින දෙක අතර කාලයේ දී පැවැත්වෙන බව අද (22) මැතිවරණ කොමිසමේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා අවධාරණය කර සිටියේය.
මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව ඇති වුණොත් මිසක වෙනත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොයන බවයි. ජනාධිපතිවරයා ද තම ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව පැහැදිළි වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා පැවසීය.
ජනාධිපතිවරණය සඳහා දළ ඇස්තමේන්තුව ගත වියදම රුපියල් කෝටි 400ක් පමණ වන බවද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.