අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිවරණය කල් දැම්මොත් එජාපයේ අවසානය තමයි

ජනපතිවරණය කල් දැම්මොත් එජාපයේ අවසානය තමයි

හිටපු ජනපති අනතුරු අඟවයි පොහොට්ටුවේ ජය නියතයි ව්‍යවස්ථානූකූලව ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය ඇතුළු කිසිදු මැතිවරණය කල් දැමිය නොහැකි යැයි ද, එවැනි මෝඩකමක් කළ හොත් ඒ සමග එක්සත් ජාතික පක්ෂය අවසාන වනු…

හිටපු ජනපති අනතුරු අඟවයි 

පොහොට්ටුවේ ජය නියතයි 


ව්‍යවස්ථානූකූලව ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය ඇතුළු කිසිදු මැතිවරණය කල් දැමිය නොහැකි යැයි ද, එවැනි මෝඩකමක් කළ හොත් ඒ සමග  එක්සත් ජාතික පක්ෂය අවසාන වනු ඇතැයි ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, බදුල්ලේ පැවති රැස්වීමකින් පසුව ජනමාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

"ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගැන රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අප එදාටත් වඩා අද ශක්තිමත් වී සිටින බව කිව යුතුයි. ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා එකට ඒකරාශී වෙමින් සිටිනවා. ඒ අනුව අපේ ජය නියතයි.

දැන්වීම

ව්‍යවස්ථානූකූලව ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය ඇතුළු කිසිදු මැතිවරණය කල් දැමිය නොහැකියි. එක්සත් ජාතික පක්ෂය එවැනි මෝඩකමක් කරයි කියා මම හිතන්නේ නැහැ. එහෙම කළ හොත් එක්සත් ජාතික පක්ෂය කලොත් ඒ  එක්සත් ජාතික පක්ෂයේ අවසානයයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගැන මේ මොහොතේ කිසිවක් කියන්න හැකියාවක් නැහැ. නිසි වෙලාවට සහ නිසි කාලයට අප ඒ ගැන කියනවා. ජනතාව බලා ගෙන සිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දින වීමටයි. අනෙකුත් දේශපාලන පක්ෂ ගැන ජනතාවට බලාපොරොත්තුවක් නැහැ."   .

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිවරණය කල් දැම්මොත් එජාපයේ අවසානය තමයි | Lanka Newsweek