අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිවරණයේ දී ලෝක බෞද්ධ සම්මේලනයේ සහය රනිල්ට

ජනපතිවරණයේ දී ලෝක බෞද්ධ සම්මේලනයේ සහය රනිල්ට

ආචාර්ය සුදත් දේවපුර තරඟයෙන් ඉවත් වෙයි ජනපතිගේ වැඩ පිළිවෙළ ගැන පැහැදිලා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ සහය ලබා දීමට ලෝක බෞද්ධ මහා සම්මේලනය තීරණය…

ආචාර්ය සුදත් දේවපුර තරඟයෙන් ඉවත් වෙයි 

ජනපතිගේ වැඩ පිළිවෙළ ගැන පැහැදිලා 

ජනපතිවරණයේ දී ලෝක බෞද්ධ සම්මේලනයේ සහය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ සහය ලබා දීමට ලෝක බෞද්ධ මහා සම්මේලනය තීරණය කර ඇත.

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා සභාපති ආචාර්ය සුදත් දේවපුර මහතා ප්‍රධාන එහි නියෝජිතයින් පිරිසක් මේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇති අතර සුදත් දේවපුර මහතා ප්‍රධාන කණ්ඩායම, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ද හමු වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

දැන්වීම

ලෝක බෞද්ධ සම්මේලනයේ ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු වශයෙන් තරඟ කරන ලෙසට අචාර්ය සුදත් දේවපුර මහතාට කාලයක් තිස්සේ ආරාධනා ලැබී තිබිණ.

කෙසේ නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගෙන ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරඟ කරන්නේ නම් තමා ඊට ඉදිරිපත් නොවන අතර තමාගේත් ලෝක බෞද්ධ සම්මේලනයේත් පූර්ණ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ආචාර්ය සුදත් දේවපුර මහතා පවසයි.  

ලෝක බෞද්ධ සම්මේලනයේ සහ එහි සභාපතිවරයා ලෙස තමාගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කළේ රට යළි ගොඩනගන ඔහුගේ වැඩ පිළිවෙළ ගැන පැහැදීමෙන් බව ද ආචාර්ය සුදත් දේවපුර මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිවරණයේ දී ලෝක බෞද්ධ සම්මේලනයේ සහය රනිල්ට | Lanka Newsweek