ජනපතිවරණයට තුරුම්පු ආසියා ගහනවා

ජනාධිපතිවරණය වෙනුවෙන් නිසි වෙලාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය තුරුම්පු ආසියා ගහන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටියි. 2024 වසර මැතිවරණ වසරක් බවත් ඒ නිසා…
ජනාධිපතිවරණය වෙනුවෙන් නිසි වෙලාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය තුරුම්පු ආසියා ගහන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටියි.
2024 වසර මැතිවරණ වසරක් බවත් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයන් වැහි වැහැලා සිටින නමුත් රටේ විශාලතම ඡන්ද පදනම තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තවමත් නිශ්ෂබ්දව සිටින බවත් ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.
සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, ව්‍යාපාරිකයන් ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමේ එන බව කියා සිටින ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරණය හෝ වේවා, මහා මැතිවරණ හෝ හෝ වේවා, පළාත් සභා මතිවරන්ය් හෝ වේවා, පළාත් පාලන මැතිවරණය හෝ වේවා කිනම් මැතිවරණයක් තිබ්බත් ජනතා මනාපයෙන් ඉහලින්ම දිනන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බව ද සඳහන් කරයි.
ඊනියා අරගලකරුවන් සහ කුමන්ත්‍රණකරුවන් එකතුවී විනාශයට ගෙන ගිය රට යථා තත්ත්වයට ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගතය තහවුරු කරමින් තිබෙන සිටින බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා දවස් දහයක් ඇතුළත ලෝකයේ ප්‍රබල රටවල් හතරක නායකයන් සහ ප්‍රධානීන් මුණගැසීමෙන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහලින්ම දිනා ගෙන ඇති බව තහවුරු වන්නේ යැයි ද අවධාරණය කර සිටියි.