ජනපතිට කොකා පෙන්වා ශ්රීලනිප පිරිසක් පස්ස දොරෙන්ම එජාපයට..?

(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල මහතාට ඉතා සමීපව සහ විශ්වාසවන්තව සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර සිටිති. පාර්ලිමේන්තුවේ බහුතරය…
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපති මෛත්රීපාල මහතාට ඉතා සමීපව සහ විශ්වාසවන්තව සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර සිටිති.
පාර්ලිමේන්තුවේ බහුතරය හැකි නම් පෙන්වා එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් ගොඩනගා ගන්න යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ වන විට කර තිබෙන අභියෝගය පිළිගනිමින් එම පක්ෂය පාර්ලිමේන්තුවේදී සිය බහුතර බලය පෙන්වන අවස්ථාවේදී මේ අය එක්සත් ජාතික පක්ෂය සමග එක් වනු ඇතැයි එම පක්ෂයේ ප්රබලයකු “lankanewsweek” සමග හෙළි කළේය.
මේ මැති ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය සමග මෙසේ එක් වන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුම,ආශීර්වාදය සහ අවසරය ඇතිව නොව සිය ස්වාධීන මතය අනුව බව ද ඒ අනුව ඒ අය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට නියමිත බව ද ඔහු පෙන්වා දුන්නේය.