අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට TNA සහය නැහැ..!

ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට TNA සහය නැහැ..!

2018 ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවති තත්ත්වය රටේ ස්ථාපිත කිරීමට ජනපති ක්‍රියා කළ යුතුයි..! (රසික මහගෙදර) රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව යම් හෙයකින්…

2018 ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවති තත්ත්වය රටේ ස්ථාපිත කිරීමට ජනපති ක්‍රියා කළ යුතුයි..!

(රසික මහගෙදර)

රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව යම් හෙයකින් දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කෙරුණොත් ඊට සහය දැක්වීමෙන් වැළකී සිටීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණය ගෙන තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කර 2018 ඔක්තෝබර් මස 26 වැනිදාට පෙර පැවති තත්ත්වයට රටත්,ආණ්ඩුවත්,පාර්ලිමේන්තුවත් පත් කරමින් පාර්ලිමේන්තුවේ බහුතරය හිමි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට යළි පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුතු බවට  වන කොන්දේසියට යටත්වය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කළ සාකච්ඡාවලදී ඔහුගේ ඉල්ලීම පරිදි ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණය ගෙන තිබෙන්නේ රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තවදුරටත් උත්සහ කළ යුතු බවට වන ස්ථාවරය මතය.

සිය කණ්ඩායම සමග කළ සාකච්ඡාවලදී එකඟ වූ පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වාම ක්‍රියා නොකර,ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම ඉල්ලුම් කළත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට යළි පත් නොකරන බවට කියා සිටියත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට හදිසි නොවී මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන්ම විසඳා ගැනීමට කෙසේ හෝ ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී අද (04) පැවති සාකච්ඡාවේදී ද ද්‍රවිඩ ජාතික සන්ධානය අවධාරණය කර ඇත.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්ථාවරය වෙනස් නොකළ හොත් ද්‍රවිඩ ජාතික සන්ධානය ද සිය ස්ථාවරය වෙනස් කරනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට TNA සහය නැහැ..! | Lanka Newsweek