අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිට ඉන්දීය සහයෝගය නැහැලු..!

ජනපතිට ඉන්දීය සහයෝගය නැහැලු..!

පඬිවරයෙකු වගේ මවා පෑවාට ජනාපතිට රට ගොඩගන්න වැඩ පිළිවෙළක් සහ අවශ්‍යතාවයක් නැහැ ඔහුට රට ගැන අදහසක් නැහැ-බලය විතරයි අවශ්‍ය පොහොට්ටුව රනිල්ට උදව් කරන්නේ පණ බේර ගන්න රනිල් නැති වුණොත් හිර බත් කන්න වන බව…

පඬිවරයෙකු වගේ මවා පෑවාට ජනාපතිට රට ගොඩගන්න වැඩ පිළිවෙළක් සහ අවශ්‍යතාවයක් නැහැ 

ඔහුට රට ගැන අදහසක් නැහැ-බලය විතරයි අවශ්‍ය 

පොහොට්ටුව රනිල්ට උදව් කරන්නේ පණ බේර ගන්න

රනිල් නැති වුණොත් හිර බත් කන්න වන බව බැසිල්ලා දන්නවා 

ශක්තිමත් නායකයෙකු බිහි වනවාට පොහොට්ටුව අකමැති ඒ නිසයි 

පඬිවරයෙකු වගේ මවා පෑවාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩගන්න කිසිම වැඩ පිළිවෙළක් නොමැති අතර ඒ සඳහා අවශ්‍යතාවයක් ද නැතැයි අපේ ජන බල පක්ෂයේ ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන නා හිමියෝ චෝදනා කර සිටිති. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය බලය පමණක් යැයි ද, කෙසේ නමුත් ඉන්දියාවේ සහය තමාට නොමැති බව ඔහු දන්නේ යැයි ද, එම නිසා මේ මොහොතේ ඔහු ඕනෑම අයෙකු සමග වැඩ කරන්නේ යැයි ද, ඉරාන ජනපති ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේ එම පසුබිම යටතේ යැයි ද, චීනය කතා කළොත් ඔහු චීනය සමග පවා යන්නේ යැයි ද පෙන්වා දෙන අතුරලියේ රතන නා හිමියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට-ජනතාව ගැන අදහසක් නැතැයි ද අවධාරණය කර සිටිති. 

අපේ ජන බල පක්ෂයේ ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන නා හිමියෝ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ චෝදනා එල්ල කර සිටින්නේ, "දේශය" ජාතික පුවත්පතේ ජනමාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

බැසිල්‌ රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අයට අවශ්‍ය වන්නේ කෙසේ හෝ සිය පණ බේරා ගැනීමට යැයි ද, ශක්තිමත්‌ නායකයෙකු බිහි වුණොත් හිර බත් කන්න සිදු වන බව ඔවුන් දන්නේ යැයි ද, ඒ නිසා ඒ අය හොයන්නේ සිය පණ බේරා ගැනීමට හැකි නායකයෙකු යැයි ද, රනිල්‌ වික්‍රමසිංහ හොඳයි කියන්නේ ඒ නිසා යැයි ද අතුරලියේ රතන නා හිමියෝ වැඩි දුරටත් අවධාරණය කර සිටිති.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිට ඉන්දීය සහයෝගය නැහැලු..! | Lanka Newsweek