අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිට-ආණ්ඩුවට දේශපාලන සුජාත භාවයක් නැහැ

ජනපතිට-ආණ්ඩුවට දේශපාලන සුජාත භාවයක් නැහැ

ඒ හැට නව ලක්ෂය සිය ජන වරම යළි සියතටම ගත් නිසයි වහාම මහා මැතිවරණයක් ඕනෑ ඓතිහාසික තත්ත්වයක්-ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සාධනීයයි සජබයෙන් සහ ජවිපෙන් විශේෂ ඉල්ලීමක් මහාචාර්ය ප්‍රසන්න පෙරේරාගේ විග්‍රහය…

ඒ හැට නව ලක්ෂය සිය ජන වරම යළි සියතටම ගත් නිසයි 

වහාම මහා මැතිවරණයක් ඕනෑ 

ඓතිහාසික තත්ත්වයක්-ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සාධනීයයි

සජබයෙන් සහ ජවිපෙන් විශේෂ ඉල්ලීමක්  

මහාචාර්ය ප්‍රසන්න පෙරේරාගේ විග්‍රහය මෙන්න..!

ජනපතිට-ආණ්ඩුවට දේශපාලන සුජාත භාවයක් නැහැ

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව බලයට ගෙන ආ හැට නව ලක්ෂයේ ගාමක බලවේගයේ තරුණ තරුණියන් ඇතුළු වැඩිහිටියන් ඒ ජන වරම යළි සියතට ගෙන ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා "lankanewsweek" සමඟ පැවැසීය.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට තව දුරටත් දේශපාලන සුජාත භාවයක් නොමැති බව පෙන්වා දුන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙවැනි සුවිශේෂී දේශපාලන වාතාවරණයක දී කළ යුත්තේ සිය කැමැත්ත පරිදි නව පාලනයක් පිහිටුවා ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම යැයි ද සඳහන් කළේය.

දැන්වීම

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් මේ බව කියා සිටී මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය. 

"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මේ ආණ්ඩුව බලයට ගෙන ආ හැට නව ලක්ෂයේ ගාමක බලවේගය වුණේ තරුණ තරුණියන් බව කවුරුත් දන්නවා. ජනාධිපතිවරයා ප්‍රධාන මේ ආණ්ඩුවට එරෙහිව රට පුරා මේ මොහොතේ දේශපාලන පක්ෂ, ජාති සහ ආගම් භේදයෙන් තොරව නැගී සිටිමින් ස්වාධීනව උද්ඝෝෂණය කරන්නේ ඒ තරුණ තරුණියන් පෙරටු කර ගත් වැඩිහිටියන්මයි.

ඒ කියන්නේ ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව බලයට ගෙන ආ හැට නව ලක්ෂයේ ගාමක බලවේගයේ තරුණ තරුණියන් සහ වැඩිහිටියන් ඒ ජන වරම යළි සියතට ගෙන තිබෙනවා. ඇත්තටම මේ තත්ත්වය දේශපාලන දෛවයේ සරදමක් වගෙයි. කිසිම දේශපාලන පක්ෂයක, ජාතියක සහ ආගමක මෙහෙය වීමෙන් තොරව ජනතාව සිය අයිතීන් සහ ඉල්ලීම් වෙනුවෙන් මෙසේ ස්වාධීනව පෙරට පැමිණීම ඓතිහාසික තත්ත්වයක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් අතිශය සාධනීයයි. 

මේ හේතුවෙන් සාම්ප්‍රදායික, අවස්ථාවාදී සහ බල ලෝභී සමස්ත දේශපාලන ක්‍රමයම අභියෝගයට ලක් වෙලා. දේශපාලන පක්ෂ සහ නායකයින් අනාථ වෙලා. මේ අර්බුදය මේ වන විට ආර්ථික, සමාජිය සහ දේශපාලන අර්බුදයක් පමණක් නොව පරම්පරා දෙකක අර්බුදයක් බවට ද පත් වෙමින් තිබෙනවා. 

එමනිසා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ප්‍රධාන විපක්ෂයෙන් මේ මොහොතේ අප ඉල්ලා සිටින්නේ, තව දුරටත් මේ පාර්ලිමෙින්තුවට සුජාත භාවයක් නොමැති නිසා ජනතා පරමාධිපත්‍යයට ඉඩ සලසමින් හදිසි මහා මැතිවරනයකට යාම සඳහා අවශ්‍ය දේශපාලන මැදිහත් වීම සිදු කරන ලෙසයි. 

විශේෂයෙන් ම මේ ජනතා විරෝධය දිය කර හරිමින් සිය බලය යළිත් තහවුරු කර ගැනීමේ අරමුණින් ගෙන එන අන්තර් කාලීන ආණ්ඩු, සර්ව පාක්ෂික ආණ්ඩු සහ සභාග ආණ්ඩු වැනි යෝජනාවලට අසු නොවන ලෙස ද අප සමගි ජන බලවේගයෙන් සහ ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටිනවා.

මේ තරුණ නැගිටීමට විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප අපගේ පූර්ණ සහය ලබා දෙන අතර අප ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ විප්ලවයෙන් පසුව යම්කිසි විධිමත් සහ සංවිධිත දේශපාලන අභිලාෂයක් පෙරදැරි කර ගෙන රටේ පාලන තන්ත්‍රයට එක් වන ලෙසයි."

ජනපතිට-ආණ්ඩුවට දේශපාලන සුජාත භාවයක් නැහැ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපතිට-ආණ්ඩුවට දේශපාලන සුජාත භාවයක් නැහැ | Lanka Newsweek