ජනපතිට-අගමැතිට එරෙහි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියාගේ කුමන්ත්‍රණය හෙළිවෙයි

(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සමීපව සිටිමින් එම නායකයින්ගේ තොරතුරු විවිධ පාර්ශවයන් අතර හුවමාරු කර දේශපාලන අර්බුද ඇති කරන්නේ යැයි කියන රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියකු සම්බන්ධයෙන්…
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සමීපව සිටිමින් එම නායකයින්ගේ තොරතුරු විවිධ පාර්ශවයන් අතර හුවමාරු කර දේශපාලන අර්බුද ඇති කරන්නේ යැයි කියන රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියකු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවල විශේෂ අවධානය යොමු වී තිබේ.
අදිසි දේශපාලන න්‍යාය පත්‍රයක් මත පණිවුඩකරුවකු (MASSENGER)ලෙස ක්‍රියා කරන මොහු ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තොරතුරු අයුතු ලෙස පාවිච්චි කරමින් ජාතික දේශපාලනයේ ගැටුම් ඇති කරන්නෙකු (POLITICAL TRUBLE MAKER) ලෙස බුද්ධි අංශ හඳුනාගෙන තිබේ.
දැන්වීම
සිය අදිසි දේශපාලන න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරවීම සඳහා මේ පුද්ගලයා ජනාධිපතිවරයා ඉදිරියේ ඔහුට හිතෛෂී ඔත්තු කරුවකු ලෙසද අගමැතිවරයා ඉදිරියේ ඔහුට හිතෛෂී ඔත්තු කරුවකු ලෙසද ක්‍රියා කරමින් නායකයින් දෙදෙනාම නොමග යැවීම සහ අයුතු ලෙස යොදා ගැනීම සිදු කර තෙවැනි පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටින බවට සියලු තොරතුරු හෙළි වී තිබේ.
මොහු සිය ප්‍රධානත්වයෙන් යුතු රාජ්‍ය මාධ්‍ය ආයතනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ මතධාරීන්ගෙන් සන්නද්ධ කරමින් සිටින අතර එසේ කරන්නේ තීරණාත්මක අවස්ථාවකදී එම ආයතනය සිය දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් මතවාදීව මෙහෙයවීම සඳහා බවට ද අනාවරණය වී ඇත.
මොහුගේ ක්‍රියා කලාපය එක්සත් ජාතික පක්ෂයේ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රධානීන්ට ද විශාල ප්‍රශ්නයක් වී අති අතර මොහුට එරෙහිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ වන විට පැමිණිලි ගණනාවක් ලැබී තිබෙන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.
මේ රාජ්‍ය මාධ්‍ය ආයතනයේ සභාපතිත්වය හැරුණු විට මොහු රජයට අයත් කොළඹ ප්‍රධාන සමාගමක ද සභාපතිත්වය දරන අතර එම ආයතනය ඇතුළත ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් හෙළි වී තිබේ.