ජනපතිගේ සුභ ආරංචිය පුස්සක්

ජනතාවට සහන නැහැ ජනතාවට සහන නොමැති ලියවිල්ලක් ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා ඉදිරිපත් කළ සුභ ආරංචිය නම් ලියවිල්ල පුස්සක් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහනුවර…
ජනතාවට සහන නැහැ
ජනතාවට සහන නොමැති ලියවිල්ලක් ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා ඉදිරිපත් කළ සුභ ආරංචිය නම් ලියවිල්ල පුස්සක් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.
එම සුභ ආරංචියෙන් රටට-ජනතාවට කිසිදු සහනයක් ලැබී නැතැයි ද, ජනතාවට සහනයක් නොමැති ලියවිල්ලක් ගැන කතා කිරීමෙන් ඵලක් නැතැයි ද අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.
ජනපතිගේ සුභ ආරංචිය සම්බන්ධ විවාදයකට සමගි ජන බලවේගය මේ මොහොතේ සූදානම් නැතැයි ද, එම ලියවිල්ල සමගි ජන බලවේගයට මෙතෙක් ලැබී නැතැයි ද, එම ලියවිල්ල කැබිනට් අනුමැතියට යොමු කර නැතැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර සිටියි.