අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගේ සර්ව පාක්ෂික හමුව කතානායක-ජවිපෙ වර්ජනය කරති..!

ජනපතිගේ සර්ව පාක්ෂික හමුව කතානායක-ජවිපෙ වර්ජනය කරති..!

(සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුවට…

(සුජිත් මංගල ද සිල්වා)                                        

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුවට සහභාගී නොවීමට  කතානායක කරූ ජයසුරිය මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ

මේ සම්බන්ධයෙන්  කතානායක කාර්යාලය “lankanewsweek”වෙත  දැනුම් දුන්නේ, පක්ෂ නායක හමුවේදී ගන්නා තීරණ දැනුම්දීමෙන් අනතුරුව  කථානායකවරයා ඒ අනුව කටයුතු කරන බවය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට අමතරව කථානායක කරූ ජයසුරිය මහතාට ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන ලෙස ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත් වෙන මේ  සර්ව පාක්ෂික හමුවට සහභාගී නොවීමට  ජනතා විමුක්ති පෙරමුණ ද තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් අද පස්වරු 5.00 ට සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මෙම හමුව කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වා ගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිගේ සර්ව පාක්ෂික හමුව කතානායක-ජවිපෙ වර්ජනය කරති..! | Lanka Newsweek