ජනපතිගේ සංවර්ධන ක්‍රියාදාමයෙන් පිට පැන්නොත් රට විනාශයි

ජනතාව අනාථයි ඒ ගැන IMF පවා අනතුරු අඟවලා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපතිගේ ජය නියතයි කිසිම නායකයෙකුට-පක්ෂයකට රට ගොඩ ගන්න වැඩ පිළිවෙළක් නැහැ ආශු මාරසිංහ අවධාරණය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ…
ජනතාව අනාථයි
ඒ ගැන IMF පවා අනතුරු අඟවලා
නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපතිගේ ජය නියතයි
කිසිම නායකයෙකුට-පක්ෂයකට රට ගොඩ ගන්න වැඩ පිළිවෙළක් නැහැ
ආශු මාරසිංහ අවධාරණය කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පවත්වා ගෙන යන සංවර්ධන ක්‍රියාදාමය එලෙසම පවත්වා ගෙන යා යුතු වන බවත් එම ක්‍රියාදාමයෙන් පිට පැන්නොත් රට යළි කඩා වැටී තව තවත් බංකොලොත් වී ජනතාව අනාථ වනු ඇතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා අනතුරු අඟවා සිටියි.
ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනීය තත්ත්වය සියලු දෙනාටම පිළි ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පෙන්වා දී ඇතැයි කියා සිටින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා මෙසේ ද පවසයි.
"ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන අගයක් ගෙන ඇති බව සාක්කි-සාධක ඇතිව අප පෙන්වා දුන්නත් බොහෝ අය එම ආර්ථික යථාර්තය පිළි ගත්තේ නැහැ. එම යථාර්තය පිළි ගත හැකි අයුරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්තාව මගින් මුළු ලෝකයටම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
දැන්වීම
ඒ වගේම ශ්‍රී ලංකාව මේ යන ගමන් මාර්ගයේ තව දුරටත් නොයා එමගින් පිට පැන්නොත් ශ්‍රී ලංකාවට බරපතළ ගැටලුවකට මුහුණ දෙන්න සිදු වන බවට ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය වාර්තාව මගින් අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා මේ රට මේ මේ තිරසර ක්‍රියාදාමය ඔස්සේම ඉදිරියට ගෙන ගොස් රටේ සංවර්ධන කටයුතු සිදු කිරීම අවශ්‍ය වනවා.
විපක්ෂයට අවශ්‍ය වෙන්නේ රට විනාශ කර රටේ ජනතාව මහා පාරට ඇද දමා හෝ සිය බලය තහවුරු කර ගැනීමටයි. ඒ වගේම ජනාධිපතිවරයා තරයේ ප්‍රකාශ කර සිටින්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් විය යුත්තේ සහ ජයග්‍රහණය කළ යුත්තේ පක්ෂයක් හෝ පුද්ගලයෙක් නොව මේ රට ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙළ බවයි.
ඒ නිසා මේ යන වැඩ පිළිවෙළ සංශෝධනය කිරීමට කවුරුන් කතා කරනවා නම් ඊට විකල්ප සහ පිළි ගත හැකි සාධනීය නව වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි. එහෙම වැඩ පිළිවෙළක් කිසිම දේශපාලන නායකයෙකු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වගේම ඒ කිසිවෙකුට එවැනි වැඩ පිළිවෙළක් ඇත්තේ නැහැ. එහෙම නම් සංවර්ධන ක්‍රියාදාමය වෙනස් සිද්ධ වන්නේ නැවත රට කඩා වැටීම පමණයි. ඒ නිසා ජනාධිපතිවරයා නිර්පාක්ෂික, ස්වාධීන, පොදු සහ ජාතික අපේක්ෂකයා ලෙස සියලු දෙනාගේ කැමැත්තෙන් ජනාධිපති ධූරයට පත්වීමට නියමිත බව අප ඉතාම සතුටින් දැනුම් දෙන්නට කැමතියි."