අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගේ විරෝධය විකුණා අගමැති ගැසූ “political Game” එක එළියට..!

හුස්ම ගත්ත වසර තුනක්-වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට..!

ජනපති ෆීල්ඩ් මාර්ෂල්ට කපද්දී අගමැති රංගේ බණ්ඩාරට කපලා..! බහුතරයේ විරෝධයට හිස නමා තීරණ ගන්නවා නම් අගමැති මුලින්ම කළ යුත්තේ එජාප නායකත්වයෙන් ඉල්ලා අස්වීමයි..! තමාට කැපුවේ ජනපති නොව එජාපය බව රවී…

ජනපති ෆීල්ඩ් මාර්ෂල්ට කපද්දී අගමැති රංගේ බණ්ඩාරට කපලා..!

බහුතරයේ විරෝධයට හිස නමා තීරණ ගන්නවා නම් අගමැති මුලින්ම කළ යුත්තේ එජාප නායකත්වයෙන් ඉල්ලා අස්වීමයි..!

තමාට කැපුවේ ජනපති නොව එජාපය බව රවී කරුණානායක කියයි..!

සියල්ලන් පාවා දී රනිල් "මලික්-සාගල"රැක ගනියි..!

ජනපතිගේ විරෝධය විකුණා අගමැති ගැසූ “political Game” එක එළියට..!ජනපතිගේ විරෝධය විකුණා අගමැති ගැසූ “political Game” එක එළියට..!

(උපුල් බණ්ඩාර)

පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු  පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර,බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර සහ එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩී.එම් ස්වාමිනාදන් යන මහත්වරුන්ගේ නම් කැබිනට් මණ්ඩල  නාම ලේඛනයෙන් කප්පාදු කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

එපමණක් නොව මුදල් අමාත්‍ය ධූරය රවී කරුණානායක මහතාට ලබා දෙනවාට ජනාධිපතිවරයාගේ දැඩි විරෝධයක් නොතිබී ඇති අතර ඔහුගේ නම ඒ සඳහා යෝජනා කිරීමෙන් වැළකී සිට ඇත්තේ ද එක්සත් ජාතික පෙරමුණ විසිනි.

මුදල් අමාත්‍ය ධූරය රවී කරුණානායක මහතාට ලබා දෙනවාට ජනාධිපතිවරයා විරුද්ධ ද නැද්ද කියා දැන ගැනීමට නම් කැබිනට මණ්ඩල නාම ලේඛනය යටතේ ඔහුගේ නම ඒ සඳහා යෝජනා කර එවිය යුතුව තිබුණත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොකිරීමෙන් ඒ බව මානව පැහැදිළි වන බව ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් “lankanewsweek” සමග පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරුද්ධ වූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂයක් ලෙස ඒකමතික ගත් තීන්දුව උල්ලංඝණය කරමින් ආණ්ඩුවට සහය පළ කළ ඒ.එච්.එම්.ෆවුසි සහ පියසේන ගමගේ යන මහත්වරුන්ට කැබිනට් ඇමති ධූර ලබාදීම සම්බන්ධයෙන් පමණක් යැයි ද ඔහු හෙළි කර සිටියේය.

ඊට අමතරව ඛණිජ තෙල් සහ ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ පුද්ගලයෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පතින නිසා එම අමාත්‍ය ධූරයට අර්ජුන රණතුංග මහතා පත් නොකර ඔහුට වෙනත් ඕනෑම සුදුසු අමාත්‍යංශයක් ලබා දෙන්න යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණට යෝජනා කර සිටී බව ද ජනාධිපතිවරයාට අතිශය සමීප එම පුද්ගලයා පෙන්වා දුන්නේය.

මේ අනුව රවී කරුණානායක මහතාට මුදල් ඇමති ධූරය  ලබාදීමට නොහැකි වූයේ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් වගේම එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තරයෙන් එල්ල වූ විරෝධතා හමුවේ බවටත්, පාලිත රංගේ බණ්ඩාර මහතාට කැබිනට් ඇමතිකමක් ලබා දීමට නොහැකි වූයේ ඊට ජනාධිපතිවරයාගේ පාර්ශවය විරුද්ධ වූ නිසා බවටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යැයි කියමින් සති අන්ත පුවත්පත්වල දේශපාලන ඕපාදුප තීරු ලිපිවල  පළ වී තිබෙන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ඔහු සඳහන් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අතිශය සමීප එම පුද්ගලයා මෙසේ ද කීය.

“කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමට  දින දෙකකට පෙර රාත්‍රියේ එනම් අඟහරුවාදා (18) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,දොස්තර රාජිත සේනාරත්න,මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමග ජනාධිපතිවරයා හමුවීමට ඔහුගේ නිල නිවසට පැමිණියා.

එහිදී මලික් සමරවික්‍රම මහතා  ජාතික ආණ්ඩුවක් සඳහා ගිවිසුමක් අත්සන් කර පෙර පරිදිම ආණ්ඩුව ඉදිරියට ගෙන යමු යැයි ජනාධිපතිවරයාට යෝජනා කළා.එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා යෝජිත කැබිනට් මණ්ඩල ලැයිස්තුව ඉල්ලා සිටියා.

එහිදී එක්සත් ජාතික පෙරමුණ, ඇමතිවරුන් තිස් හය දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩල ලැයිස්තුවක් ජනාධිපතිවරයාට ලබා දුන්නා.එම ලැයිස්තුව පරීක්ෂා කර බැලූ ජනාධිපතිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ,ඒ.එච්.එම්. ෆවුසිගේ සහ පියසේන ගමගේ ගේ නම් කපා හැර අර්ජුන රණතුංග මහතාට ඛණිජ තෙල් අමාත්‍ය ධූරය හැර වෙනත් අමාත්‍ය ධූරයක් ලබා දෙන ලෙසට යෝජනා කරමින් එම ලැයිස්තුව යළි අගමැතිවරයාගේ අතට දුන්නේ, යෝජිත කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව  විසි අට දෙනෙකු දක්වා අඩු කර යළි ඉදරිපත් කරන ලෙස දැනුම් දෙමිනුයි.

ජනාධිපතිවරයා එසේ කියා සිටියේ රටේ පවතින්නේ ජාතික ආණ්ඩුවක් නොව තනි ආණ්ඩුවක් නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව උපරිම කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව තිහකට සීමා විය යුතු නිසයි.ඒ කියන්නේ එක්සත් ජාතික පෙරමුණ කැබිනට් ඇමතිවරුන් විසි අටක ලියිස්තුවක් ඉදිරිපත් කළාම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දරන ඇමති ධූර දෙක සමග කැබිනට් ඇමතිවරුන් තිහ සම්පූර්ණ වනවා.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ සංශෝධන සහිතව ඉදිරිපත් කළ කැබිනට් ඇමතිවරුන් විසි අට දෙනෙකුගෙන් යුතු ලයිස්තුවේ පාලිත රංගේ බණ්ඩාර,රවීන්ද්‍ර සමරවීර සහ ඩී.එම් ස්වාමිනාදන් යන මහත්වරුන්ගේ නම් තිබුණේ නැහැ.

ඒ වගේම එම පෙරමුණ මුලින්ම ඉදිරපත් කළ ලයිස්තුවේත් ඊට පසුව ඉදිරිපත් කළ සංශෝධිත ලයිස්තුවේත් මුදල් ඇමති ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම යෝජනා කර තිබුණේ නැහැ.ඔහුගේ නම ලිඛිතව යෝජනා නොකර ඔහුට මුදල් ඇමතිකම ලබා දෙනවාට  ජනාධිපතිවරයා විරුද්ධ ද නැද්ද කියා අගමැතිවරයා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණ උපකල්පනය කරන්නේ කෙසේ ද..?

ඒ වගේම කියන්න ඕනෑ පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු අලුත් පිරිසක් කැබිනට් මණ්ඩලයට නම් කරන බවටත් මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන් ඒ වෙනුවෙන් සිය කැමැත්තෙන්ම ඇමති ධූර පරිත්‍යාග කිරීමට පොරොන්දු වී සිටින බවටත් එක්සත් ජාතික පෙරමුණ කියා සිටියාට, එම පෙරමුණ මුල සිටම ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල ලැයිස්තු යටතේ ප්‍රබල ඇමති ධූර සඳහා අලුත් අයගේ නම් කෙසේ වෙතත් මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන්ගේ නම් යෝජනා කර තිබුණා”

මේ කාරණය සමබන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ සිටින කළ ගුණ නොදත් ඊර්ශ්‍යවෙන්,කුහකකමෙන් සහ බියෙන් පෙළෙන හතර පස් දෙනෙකු කුමන්ත්‍රණකාරී ලෙස තමාට මුදල් ඇමතිකම ලැබීම වැළැක්වූ අතර මීට වග කිව යුත්තේ කිසිවකු නොව එක්සත් ජාතික පක්ෂයම බවය.

සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් මේ සම්බන්ධයෙන් “lankanewsweek” සමග අදහස් දක්වමින් එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල නායකයෙක් මෙසේ පැවසීය.

“රවී කරුණානායක මහතාට මුදල් ඇමතිකම ලබා නොදුන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සහ එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයෙන් එල්ල වූ විරෝධය මත යැයි ද,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර,රවීන්ද්‍ර සමරවීර සහ ඩී.එම් ස්වාමිනාදන් යන මහත්වරුන් ඇතුළු අයට ද ඇමතිකම් ලබා දීමට නොහැකි වූයේ මේ විරෝධතා ඇතුළු ප්‍රශ්න නිසා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියනවා.

මේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ ඔහු බහුතරයේ විරෝධයට,කැමැත්තට සහ අදහස්වලට ඇහුම්කන් දී ඊට ගරු කරමින් ඒ අනුව තීන්දු තීරණ ගන්නා බවයි.එසේ නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම කළ යුත්තේ සුවහසක් එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් අවුරුදු ගණනාවක් මුළුල්ලේ තමාට එල්ල වන විරෝධයට ද හිස නමා ඊට ගරු කරමින් බහුතරයේ කැමැත්තට ඉඩ දී එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමයි.”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මුලින්ම ඉදිරිපත් කළ යෝජිත කැබිනට් ඇමතිවරුන් තිස් හයදෙනෙකුගෙන් යුතු නිල ලැයිස්තුව මෙසේය.

ජනපතිගේ විරෝධය විකුණා අගමැති ගැසූ “political Game” එක එළියට..! ජනපතිගේ විරෝධය විකුණා අගමැති ගැසූ “political Game” එක එළියට..! ජනපතිගේ විරෝධය විකුණා අගමැති ගැසූ “political Game” එක එළියට..! ජනපතිගේ විරෝධය විකුණා අගමැති ගැසූ “political Game” එක එළියට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
ජනපතිගේ විරෝධය විකුණා අගමැති ගැසූ “political Game” එක එළියට..! | Lanka Newsweek