අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගේ විදේශ සංචාරවල අරමුණ මන්ත්‍රීවරුන් සතුටු කිරීමද..?

ජනපතිගේ විදේශ සංචාරවල අරමුණ මන්ත්‍රීවරුන් සතුටු කිරීමද..?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාරවල අරමුණ මන්ත්‍රීවරුන් සතුටු කිරීම දැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියි. රට ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකට ඇද…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාරවල අරමුණ මන්ත්‍රීවරුන් සතුටු කිරීම දැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියි.

රට ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකට ඇද වැටී, ජනතාව පීඩාවට පත්ව, රටේ ආදායම් වියදම් අතර අධික පරතරයක් ඇති වී තිබෙන මොහොතක, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා අදාළ නොවන මන්ත්‍රීවරුන් විදෙස් සංචාර සඳහා රැගෙන යාම අනුමත කළ නොහැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

රජයේ ඉහළ තනතුරු දරන පුද්ගලයන්ගේ විදෙස් සංචාර සහ අත්‍යාවශ්‍ය නොවන වියදම් ඉහළ ගොස් ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් හෙළි කර සිටියි. 

අමාත්‍ය තනතුරු ලබා දීමට නොහැකි වූ විට අල්ලසක් ලෙස රටේ ජනතා මුදල් විනාශ කළ දේශපාලඥයින්ට විදෙස් සංචාර ලබා දීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිගේ විදේශ සංචාරවල අරමුණ මන්ත්‍රීවරුන් සතුටු කිරීමද..? | Lanka Newsweek